අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රාජිතගෙන් පිරිමහන්නේ සෙල්ලම් රජුන් සිහසුනෙන් නෙරපූ වෛරයයි

රාජිතගෙන් පිරිමහන්නේ සෙල්ලම් රජුන් සිහසුනෙන් නෙරපූ වෛරයයි

ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යක පදනම නිදහසයි නිහඬ කළ නොහැකි හඬ-රාජිත සේනාරත්න දේශපාලන පතාකයන් ගැන නොදත් පුයර බබ්බු පියෙකු ගැන පුතෙකු තැබූ විප්ලවීය සටහන මෙන්න ▶ වීඩියෝව නරඹන්න ඒකාධිපති රෙජීමය රාජිත…

ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යක පදනම නිදහසයි 
 

නිහඬ කළ නොහැකි හඬ-රාජිත සේනාරත්න 

දේශපාලන පතාකයන් ගැන නොදත් පුයර බබ්බු 

පියෙකු ගැන පුතෙකු තැබූ විප්ලවීය සටහන මෙන්න 

▶ වීඩියෝව නරඹන්න

ඒකාධිපති රෙජීමය රාජිත සේනාරත්නගෙන් පිරිමසන්නේ සදා රජකම් කරන්නට සිහින මැවූ සෙල්ලම් රජවරුන් 2015 දී සිහසුනෙන් නෙරපා ගෙදර යැවූ වෛරය යැයි චතුර සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.

සත්‍ය වෙනුවෙන් නඟන රාජිත සේනාරත්නගේ හඬ මේ මහ පොළවේ, අදට වඩා හෙට වඩාත් උස් හඩින් රැව්පිළි රැව් දෙනු ඇතැයි ද, මේ දේශපාලන අඩන්තේට්ටම්වලින් රාජිත සේනාරත්න වැනි පුද්ගලයෙකුට කෙස් ගසක තරම්වත් බරක් නොදැනෙන බව දේශපාලන පුයර බබ්බුන් දැන ගත යුතු යැයි ද ඔහු තරයේ කියා සිටියි.

දැන්වීම

දොස්තර රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න මහතා සිය පියා ගැන මෙසේ අවධාරණයක් කර සිටින්නේ සිය "facebook" ගිණුමේ විශේෂ සටහනක් තබමින් වන අතර "තාත්තා නිදහස්" යන සටන් පාඨය යටතේ පීතෘ ස්නේහයෙන් ඔද වැඩී ඔහු තබා ඇති එම සටන්කාමී, විපලවීය සහ අභියෝගාත්මක සටහන සම්පූර්ණයෙන් මෙසේය.   

තාත්තා නිදහස්..!

තාත්තා වෙනුවෙන් කම්පා වන සියලු දෙනා වෙත ලියමි..!

මේ සිරගතවීම මහා නිදහස් වීමක් බව කිව යුතුයි.මාධ්‍ය සාකච්චාවක්‌ වැනි සිදුවීමක් පදනම් කර ගෙන සිර ගත කිරීම ම...රාජිත සේනාරත්නගේ දේශපාලන සුපිරිසිදු බව ඔප්පු කරයි.

බෙහෙත් මාෆියාවන් ගැන මඩ ටොන් ගණන් අනමින්, සමාජ මාධ්‍යවල තැවරූ තක්කඩින්, තමන්ගේම ලොන්ඩරිවලින් ඒ කුණු හොදා අවසන් කර ඇත. එවැන්නක් ගැන රුපියලක හෝ වංචාවක් තහවුරු කර ගත නොහැකි තැන මෙවන් දුප්පත් නිමිත්තක එල්ලීම ගැන අපට ඇත්තේ හාස්‍යකි.

අප රාජ්‍ය දේපොළ හෝ මුදල් රුපියලක් හෝ අයථා ලෙස උපයා නොමැති බවට මීට වඩා සාක්ෂි අවශ්‍ය යයි මම නොසිතමි. අල්ලස්, දූෂණ, කොමිස් පිළබඳ වරදකට මාගේ පියා හෝ මා හෝ අප පවුලේ කිසිවෙකු පටළවා ගත නොහැකි වූ තැන, මේ බියගුළු හොර නඩය දරන අහිංසක උත්සාහය විහිළු සහගතය.

මේ දේශපාලන අඩන්තේට්ටම්වලින් රාජිත සේනාරත්න වැනි පුද්ගලයෙකුට කෙස් ගසක තරම්වත් බරක් නොදැනෙන බව දේශපාලන පුයර බබ්බුන් දැන ගත යුතුය. අවසන එකක් කිව යුතුය...සදා රජකම් කරන්නට සිහින මැවූ සෙල්ලම් රජවරුන් 2015 දී සිහසුනෙන් බස්සා ගෙදර යැවූ වෛරය, තාත්තාගෙන් පිරිමසින බව අප කල් තියා දැන සිටි බවත්..එහෙත්..සත්‍ය වෙනුවෙන් සේනාරත්නලාගේ හඬ මේ මහ පොළවේ, අදට වඩා හෙට වඩාත් උස් හඩින් ඇසෙනු ඇති බවත්ය.

-මම චතුර සේනාරත්න-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රාජිතගෙන් පිරිමහන්නේ සෙල්ලම් රජුන් සිහසුනෙන් නෙරපූ වෛරයයි | Lanka Newsweek