රාජ්‍ය සේවය රටට අභියෝගයක් බවට රවී කියන කතාව හරියට හරි

බිය නැතිව ඇත්ත කතා කිරීම ගැන අගය කරනවා රවීට සරසවි ප්‍රජාවගේ ආචාරය රටේ අනාගතයට තිබෙන ලොකුම අභියෝගය රාජ්‍ය සේවය බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා බිය නැතිව කරන ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්ව…
බිය නැතිව ඇත්ත කතා කිරීම ගැන අගය කරනවා
රවීට සරසවි ප්‍රජාවගේ ආචාරය

රටේ අනාගතයට තිබෙන ලොකුම අභියෝගය රාජ්‍ය සේවය බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා බිය නැතිව කරන ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රජාව ඔහුට සිය ආචාරය පුද කරන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ, නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා අවධාරණය කර සිටියි.
මේ සම්බන්ධයෙන් "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා මෙසේ ද කියා සිටියේය.
දැන්වීම
"රටේ අනාගතයට තිබෙන ලොකුම අභියෝගය රාජ්‍ය සේවය බවටත් රටට-ජනතාවට ශාපයක් වී ඇති රාජ්‍ය ආයතන සියල්ල පුද්ගලීකරණය කළ යුතු බවටත් සෑම රුපියල් සියයකින්ම රුපියල් 44ක් වැය වන්නේ රාජ්‍ය සේවයට වන අතර රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකර රට ගොඩ ගැනීමට නොහැකි බවටත් රවී කරුණානායක මහතා බිය නැතිව සිදු කරන ප්‍රකශය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රජාව ඔහුට සිය ආචාරය පුද කර සිටිනවා.
එදා සිට මේ රටේ පැවැති සියලු ආණ්ඩු සිදු කළේ රාජ්‍ය සේවය පුළුල් කිරීමයි. ඒ වගේම රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අලුතින් ඇති කළා. නමුත් ලෝකයේ නව ප්‍රවණතාවය වන්නේ "Big Government" නොව "Small Government" යන සංකල්පයයි. රවී කරුණානායක කියා සිටින්නේ එම සංකල්පයට අනුව රට ගොඩනැගිය යුතුයි කියායි. ජනතාවගේ බදු බර ආදිය විශාල වශයෙන් අඩු වන්නේ මෙම "Big Government" හෙවත් විශාල ආණ්ඩුවකින් නොව "Small Government" හෙවත් කුඩා ආණ්ඩුවකිනුයි.
අපේ රාජ්‍ය සේවක සේවිකාවන් කර වැඩක් ඇත්තේ නැහැ. ඒ අය කළොත් කරන්නේ වැඩ වර්ජන සහ උද්ඝෝෂණ විතරයි. ඒ අය කතා කරන්නේ ඒ අයගේ අයිතවාසිකම් ගැන විතරයි. ජනතාවට කාර්යක්ෂම සේවයක් සලසන හැටි ගැන ඒ අයට කිසිම හැගීමක් ඇත්තේ නැහැ.
අපේ රටේ රාජ්‍ය සේවය මේ වන විට ලක්ෂ 16 ඉක්මවා තිබෙනවා. රට උපයන සෑම රුපියල් සියයකින්ම රුපියල් 44ක් වැය වන්නේ මෙම රාජ්‍ය සේවක සේවිකාවන් නඩත්තු කිරීම සඳහායි. තව දුරටත් මේ බර රටට ජනතාවට දැරීමට හැකියාවක් ඇත්තේ නැහැ.
මෙම තත්ත්වය හමුවේ තෙල් සංස්ථාව ඇතුළු ව්‍යාපාරික රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමට රජය සැලුම් කර තිබෙන බව කවුරුත් දන්නවා. ඊට අමතරව විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අප කියා සිටින්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ සරසවි ඇතුළු අධ්‍යපන ක්ෂේත්‍රය රජය යටතේ පවත්වා ගෙන යන අතරතුරම එම ආයතන ද ප්‍රතිව්‍යුහ ගත කරණය කළ යුතුයි.
ඒ අනුව සල්ලි තිබෙන අයට සල්ලි ගෙවා සෞඛ්‍ය සේවය ලබා ගත හැකි ඒකක රෝහල්වල ඇති කළ යුතු අතර විශ්ව විද්‍යාලවල ද එවැනිම ඒකක ඇති කරමින් සල්ලි ගෙවා අධ්‍යාපනය ලබා ගත පහසුකම් ඇති කළ යුතුයි. එවිට වෛද්‍යවරුන්ට සහ විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන්ට අඩු පහසුකම් සහිත මුඩුක්කු වැනි ස්ථානවල "Privet Practice" කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට රජයේ රෝහල් සහ විශ්ව විද්‍යාල ඇතුළතම වෛද්‍යවරුන්ට සහ සරසවි ආචාර්ය-මහාචාර්යවරුන්ට ගුණාත්මක භාවයෙන් ඉහළ සේවයක් සල්ලිවලට ලබා දිය හැකියි. එවිට ආණ්ඩුවට විශාල මුදලක් උපාය ගත හැකියි.
විශාල වශයෙන් මුදල් අය කරන පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් විශාල ප්‍රමාණයක් අපේ රටේ තිබෙනවා. රජයේ පසල්වලම එම පාසල් පවත්වා ගෙන යාමට ඉඩ ලබා දුන්නොත් රජයට කෙතරම් මුදලක් උපයා ගත හැකිද..? එවිට පාසල් නඩත්තු කිරීම සඳහා රජයට අමුතුවෙන් මුදල් වැය කිරීමට අවශ්‍ය නොවන අතර එම පාසල්වල වියදම් ඒ පසල්වලටම සොයා ගත හැකි වනවා.
අලුතින් සිත මේ වැනි ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහ ගතකරණ වැඩ සටහන්වලට නොයා රටක් ගොඩගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. රජය මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතුයි. රටට-ජනතාවට බරක් වී තිබෙන රාජ්‍ය සේවයත් එක්ක රටට අනාගතයක් ඇත්තේ නැහැ."