අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සොයා බැලීමට කොමිසමක්..!

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සොයා බැලීමට කොමිසමක්..!

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත විශේෂ කොමිසමක් පත් කර තිබේ. ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ කොමිසම…

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත විශේෂ කොමිසමක් පත් කර තිබේ.

ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ කොමිසම සාමාජිකයින් පහළොස් දෙනකුගෙන්  සමන්විත අතර එහි සභාපතිත්වය දරන්නේ හිටපු ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා ය.කොමිසමේ ලේකම්වරයා ලෙස එච්.ජී. සුමනසිංහ මහතා පත් කර තිබේ.

කොමිසම මගින් දැනට විවිධ අසමානතාවයන්ට ලක්ව ඇති එක් එක් සේවාවල වැටුප් තල සමාලෝචනයට ලක් කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීම  සිදු කරනු ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සේවයට යෝජිත වැටුප් පරිමාණය ලබා දීමේදී ඇති වන බලපෑම අධ්‍යයනය කිරීම සහ එහිදී මතු වන ගැටලු විසඳීම සඳහා ක්‍රමවේද යෝජනා කිරීම ද මෙම කොමිසම මගින් සිදු කරන කාර්යයන් අතරට ඇතුළත් ය.

මෑතකදී වැටුප් හා දීමනා වැඩි කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන ලද දුම්රිය සේවය, සෞඛ්‍ය, උසස් අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් සේවය ආදී ක්ෂේත්‍ර සඳහා දැනට ක්‍රියාත්මක වන වැටුප් චක්‍ර ලේඛ මගින් වැටුප් විෂමතාවයන් සිදුව ඇත්නම් එය අවම කිරීම සඳහා විසඳුම් යෝජනා කිරීම ද කොමිසමේ ප්‍රධාන කාර්යයකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රාජ්‍ය සේවක වැටුප් විෂමතා සොයා බැලීමට කොමිසමක්..! | Lanka Newsweek