අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රාජ්‍ය බැංකු අධ්‍යක්ෂක මණ්ඩල විසුරුවා නැහැ..!

රාජ්‍ය බැංකු අධ්‍යක්ෂක මණ්ඩල විසුරුවා නැහැ..!

මේ කතා පතුරුවන්නේ දේශ ද්‍රෝහීන්..! මාධ්‍ය ගැන ලැජ්ජයි..! (සුජිත් මංගල ද සිල්වා) රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ විෂය භාර අමාත්‍යාවරයාට යැයි ද ඒ අනුව තම කිසිම බැංකුවක…

මේ කතා පතුරුවන්නේ දේශ ද්‍රෝහීන්..!

මාධ්‍ය ගැන ලැජ්ජයි..!

රාජ්‍ය බැංකු අධ්‍යක්ෂක මණ්ඩල විසුරුවා නැහැ..!

(සුජිත් මංගල ද සිල්වා)

රාජ්‍ය බැංකුවල  අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමේ බලය තියෙන්නේ විෂය භාර අමාත්‍යාවරයාට යැයි ද ඒ අනුව තම කිසිම බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරලා නැතැයි ද සභානායක සහ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කළේය.

 සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පළ කළේ “ලක්දිරිය“ ව්‍යවසාය සංවර්ධන ණය යොජනා ක්‍රමය යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් ණය මුදල් හිමිවූ ව්‍යවසායකයින් පිරිසකට එම  ණය මුදල් ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

ගම්පොල, කහටපිටිය ප්‍රදේශයේදී පැවති මෙම උත්සවයේදී ව්‍යවසායකයින් 428 දෙනෙකු වෙත රුපියල් මිලියන128ක මුදලක් පිරිනැමිණු ඇත ගෙවුණු ඇතුළත ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් පමණක් “ලක්දිරිය” වැඩ සටහන යටතේ රුපියල් මිලියන 315ක ණය මුදල් ලබා දී ඇත.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සභානායක සහ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය.

රටේ වැදගත් සිංහල පුවත්පතක ලංකා බැංකුවේත්, මහජන බැංකුවේත් අධ්‍යක්ෂ මණ්ඩල ජනාධිපතිතුමා විසුරුවා හැරලා කියලා ප්‍රවෘත්තියක් පළ වුණා.

ඒ අමූලික බොරුවක්. අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමේ බලය තියෙන්නේ අමාත්‍යාවරයාට. ජනාධිපතිතුමා මගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා, මට තියෙන අමාත්‍ය බලය පාවිච්චි කරලා මේ බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන්න කියලා.

අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරලා නැහැ. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා එතුමාගේ නිර්දේශිත නම් ලබා දෙන්න කියලා. ඒ අනුව කලබලයකින් තොරව ලබන සතිය තුල සුදුසු නිළධාරීන් පිරිසක් මේ සඳහා තෝරාගමු කියලා.

රටේ ප්‍රධානම  බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරියා කිව්වම ජාත්‍යන්තරයට යන පණිවුඩය මොකක්ද? මේ බැංකු බංකොලොත් කියල. සමහර වැදගත් සිංහල, ඉංග්‍රීසි පුවත්පත් මේ වගේ ප්‍රවෘත්ති පළ කිරීම ගැන මම ඉතාමත් කණගාටු වෙනවා. මේ වගෙන් රටේ ආර්ථීකයටත් අහිතකර බලපෑම් වෙනවා. එහෙම කරන අය ජාති ද්‍රොහීන්. රට ගැන හිතල කටයතු කරන්න කියල ඒ අයගෙන් මම ඉල්ලනවා.

එළඹෙන අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදීමට රජය කටයුතු කරනවා. අයවැය කාරක සභා විවාද ආරම්භ වුණාම ඡන්ද විමසීමකිදී පුළුවන් නම් ආණ්ඩුව පරද්දන්න කියලා ආණ්ඩුව වැටෙයි කියලා බලා  ගෙන ඉන්න අයට මම අභියෝග කරනවා.

කුමන්ත්‍රණ වැඩක් නෑ. කවුරු ආණ්ඩු කළත් පාර්ලිමේන්තුවේ බලය තියෙන්න ඕනේ. යහපාලන ආණ්ඩුවට ජන වරමක් තියෙනවා. ආණ්ඩුවේ බහුතරය අපි ආරක්ෂා කරනවා.

ඒකාබද්ධ විපක්ෂයේ කිහිපදෙනෙකුත් එක්සත් ජාතික පක්ෂය සමඟ මේ වන විට සාකච්ඡා කරලා තියෙනවා. අපේ පක්ෂයේ පවුල්වාදය නෑ. පක්ෂයේ ඕනෑම  කෙනෙකුට නායකත්වය දක්වා යන්න පුළුවන්. ඒකාබද්ධ විපක්ෂයේ තියෙන්නේ පවුල්වාදය. ඒ නිසා ඒ පැත්තේ සමහරු අද කලකිරිලා.

  රාජ්‍ය බැංකු අධ්‍යක්ෂක මණ්ඩල විසුරුවා නැහැ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රාජ්‍ය බැංකු අධ්‍යක්ෂක මණ්ඩල විසුරුවා නැහැ..! | Lanka Newsweek