අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රාජ්‍ය ඇමතිගේ මෙහෙකාරියන්ට COVID එන්නත බලෙන් ගනී

රාජ්‍ය ඇමතිගේ මෙහෙකාරියන්ට COVID එන්නත බලෙන් ගනී

ජාතික රෝහලට කඩා වැදිලා මේ රාජ්‍ය ඇමැති හඳුනා ගනිමු ද..? රජයේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකු සිය නිවසේ සේවයේ නියුතු මෙහෙකාරියන් දෙදෙනා වෙනුවෙන් බලහත්කාරයෙන් COVID-19 එන්නත ලබා ගෙන ඇතැයි කියන සිද්ධියක්…

ජාතික රෝහලට කඩා වැදිලා 

මේ රාජ්‍ය ඇමැති හඳුනා ගනිමු ද..?

රාජ්‍ය ඇමතිගේ මෙහෙකාරියන්ට COVID එන්නත බලෙන් ගනී

රජයේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකු සිය නිවසේ සේවයේ නියුතු මෙහෙකාරියන් දෙදෙනා වෙනුවෙන් බලහත්කාරයෙන් COVID-19 එන්නත ලබා ගෙන ඇතැයි කියන සිද්ධියක් "lankanewsweek" වාර්තා වේ.

සිය නිවසේ සිටින මෙහෙකාරියන්ට දෙදෙනා සමග කොළඹ ජාතික රෝහලට සඳුදා (15) කඩා වැදී ඇති අදාළ රාජ්‍ය අමාත්‍යවරයා රෝහල් අධ්‍යක්ෂකවරයා ඇතුළු බලධාරීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට බල කර සිය මෙහෙකරුවන් සඳහා COVID-19 එන්නත ලබා ගෙන තිබේ.

දැන්වීම

රාජ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලට මෙසේ කඩා වදින විට රෝහලේ වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත ලබා දීම ආරම්භ කර තිබූ අතර ඔහු සිය මෙහෙකාරියන්ට ද එන්නත ලබා දෙන ලෙසට බලධාරීන්ට බල කරද්දී අදාළ බලධාරීන් ඊට විරෝධය පළ කර ඇතත් රාජ්‍ය අමාත්‍යවරයා සිය බලය යොදාවා ඔහුගේ අවශ්‍යතාවය ඉටු කර ගෙන ඇත.

අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සිය මෙහෙකාරියන් සඳහා මෙසේ බලහත්කාරයෙන් COVID-19 එන්නත ලබා ගෙන තිබෙන්නේ, පොදු ජනතාවගෙන් බහුතරයකට එම එන්නත ලබා දෙනතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ පවා එම එන්නත ලබා ගැනීම විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් ප්‍රතික්ෂේප කරමින් රටටම ආදර්ශයක් දී තිබෙන පසුබිමකය.   

අදාළ රාජ්‍ය අමාත්‍යවරයා "වියත් මඟ" නියෝජනය කරමින් බස්නාහිර පළාතෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ආචාර්යවරයෙකු වන අතර ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ විශ්වාසය දිනා ගත් අයෙකු ද වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රාජ්‍ය ඇමතිගේ මෙහෙකාරියන්ට COVID එන්නත බලෙන් ගනී | Lanka Newsweek