අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රාජපක්ෂ පොහොට්ටු මාෆියාවේ රූකඩය වත්මන් ජනපතියි

රාජපක්ෂ පොහොට්ටු මාෆියාවේ රූකඩය වත්මන් ජනපතියි

රට බංකොලොත් කළ හොරුන් සේම හොරුන් රකින ජනපතිට පිළිතුරු දීම ජනතාවගේ වගකීමක් විකල්ප කණ්ඩායම් හොරු අල්ලන්න බලය ඉල්ලුවට සජබය හොරුන් ඇල්ලුවේ බලය නැතිව ඡන්දය ඉල්ලන හොරුන්ට පිළිතුරු දීම ජනතාවගේ වගකීමක්…

රට බංකොලොත් කළ හොරුන් සේම හොරුන් රකින ජනපතිට පිළිතුරු දීම ජනතාවගේ වගකීමක්  

විකල්ප කණ්ඩායම් හොරු අල්ලන්න බලය ඉල්ලුවට සජබය හොරුන් ඇල්ලුවේ බලය නැතිව

ඡන්දය ඉල්ලන හොරුන්ට පිළිතුරු දීම ජනතාවගේ වගකීමක් 

දේශප්‍රේමීත්වයේ නාමයෙන් බලයට පත් වූ ඒකාධිපති රාජපක්ෂ පවුල ජනතාව ගොදුරක් කර ගෙන අත්තනෝමතිකව හැසිරීම නිසා රට බංකොලොත් වී ජනතාව උග්‍ර ජීවන අර්බුදයකට මුහුණ දී අන්ත අසරණ වී සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මොවුන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය නිම කළාට තවත් ආර්ථික ත්‍රස්තවාදයක් රටේ වපුරවා ඇතැයි ද, ගජ මිතුරන් සුරකිමින් එම ගජ මිතුරන්⁣⁣ට සහන ලබා දෙන රාජපක්ෂ ආර්ථික ත්‍රස්තවාදයෙන් රට මුදවා ගෙන මේ අර්බුදයෙන් ජනතාව බේරා ගන්නේ යැයි ද සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, "ජන පවුර" වැඩ සටහනට යටතේ මහනුවර, හේවාහැට නගරයේ පැවති ජන රැලියට එක්වෙමිනි.

දැන්වීම

රටට ඇති විකල්පය තමා යැයි කියා ගන්නා ඇතැම් විකල්ප කණ්ඩායම් "File" මිටි පෙන්වා හොරු අල්ලනවා යැයි කියා සිටියත්  සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම අධිකරණ පද්ධතිය හරහා ⁣රට බංකොලොත් කළ හොරු කවුද කියා අනාවරණය කළේ යැයි ද සඳහන් කළේය. 

මේ රට බංකොලොත් කළ පුද්ගලයන්ට විරුද්ධව විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවා විනිවිදභාවයෙන් යුක්තව පරීක්ෂණ සිදු කර ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි නොකරන්නේ මන්දැයි කියා ජනාධිපතිවරයාගෙන් තමා ප්‍රශ්න කර සිටී අවස්ථාවේ දී, ඔහු එම ප්‍රශ්න කිරීම විහිළුවට ලක් කළේ යැයි ද, ඊට හේතුව ඔහු පත් කර ඇත්තේ රාජපක්ෂ පොහොට්⁣ටු මාෆියාව වන නිසා යැයි ද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය. 

රට බංකොලොත් කළ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කරන්නේ ඔහු එම ධූරයට පත් කළේ රාජපක්ෂ පොහොට්ටු මාෆියාවේ 134 දෙනා වන නිසා යැයි ද, මේ ගැන විමසන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී බාධා කළේ යැයි ද මේ ප්‍රශ්නවලට තවමත් උත්තර නැතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය. 

රටේ අද සිටින්නේ රුකඩ ජනපතිවරයෙකු යැයි ද, එම රුකඩයේ නුල් ටික ඇත්තේ රාජපක්ෂවරුන් අතේ යැයි ද, මේ හොරුන් සමග ජනපතිට "Deal" තිබුණාට තමාට නැතැයි ද හෙතෙම අවධාරණය කර සිටියයේය. 

රට බංකොලොත් කළ හොරුන් සේම හොරු රකින ජනපති පවා නැවත ඡන්දය ඉල්ලා සිටීමට සූදානමින් සිටින්නේ යැයි ද, ඔවුන්ට පිළිතුරු දීම ජනතාවගේ වගකීම යැයි පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේග රජයක් යටතේ මන්ත්‍රීවරුන්ටත් ඇමතිවරුන්ටත් වැඩ කරන ආදර්ශය රටේ පාලකයා ලෙස තමා ලබා දෙන්නේ යැයි ද වැඩි දුරටත් කියා සිටියේය. 

රාජපක්ෂ පොහොට්ටු මාෆියාවේ රූකඩය වත්මන් ජනපතියි
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රාජපක්ෂ පොහොට්ටු මාෆියාවේ රූකඩය වත්මන් ජනපතියි | Lanka Newsweek