රාජපක්ෂලා නිර්දය ලෙස විවේචනය කළ පාඨලී පොහොට්ටුවේ මහා මොළකරු බැසිල් හමු වෙලා

රහස් හමුවක්-දීර්ඝ සාකච්ඡාවක් එදා රාජපක්ෂලා විවේචනය කළේ හොරුන්-මැරයින්-ජඩයින් සහ ඒකාධිපතියන් කියලා එක්සත් ජන රජ පෙරමුණේ නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ගෙවුණු අඟහරුවාදා…
රහස් හමුවක්-දීර්ඝ සාකච්ඡාවක්
එදා රාජපක්ෂලා විවේචනය කළේ හොරුන්-මැරයින්-ජඩයින් සහ ඒකාධිපතියන් කියලා
එක්සත් ජන රජ පෙරමුණේ නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ගෙවුණු අඟහරුවාදා (04) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හමු වී දීර්ඝ සහ විශේෂ සාකච්ඡාවක් සිදු කර ඇත.
මේ අතර තහවුරු නොකළ සහ නිල නොවන දේශපාලන ආරංචි මාර්ග "lankanewsweek" සමග කියා සිටියේ, එක්සත් ජන රජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද හමු වී ඔහු සමග ද සාකච්ඡා කර ඇති බවය.
කෙසේ නමුත් එක්සත් ජන රජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා යනු, හොරුන්-මැරයින්, ජඩයින් සහ ඒකාධිපතියන් යැයි බරපතළ චෝදනා එල්ල කරමින් දීර්ඝ කාලයක් මුළුල්ලේ රාජපක්ෂ පවුල නිර්දය ලෙස විවේචනය කළ නම ගිය දේශපාලන නායකයෙකි.