අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රාජපක්ෂලාට ආර්ථික සැලසුම් තිබුනා නම් රටට මේ ඉරණම අත් වෙයිද..?

රාජපක්ෂලාට ආර්ථික සැලසුම් තිබුනා නම් රටට මේ ඉරණම අත් වෙයිද..?

(සුජිත් මංගල ද සිල්වා) ‘‘ආර්ථිකය හරියට මෙහෙයවාගන්න බැරුව ආණ්ඩුව දාල ගිය අය දැන් බලය ඉල්ලන්නේ මොන සැලසුමකින්ද?’’ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය…

(සුජිත් මංගල ද සිල්වා)

‘‘ආර්ථිකය හරියට මෙහෙයවාගන්න බැරුව ආණ්ඩුව දාල ගිය අය දැන් බලය ඉල්ලන්නේ මොන සැලසුමකින්ද?’’ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා මෙම අදහස් ප්‍රකාශ කළේ  ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ නවීකරණය කර නව පරිශ‍්‍රයක ස්ථාපනය කළ මහරගම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, බැංකුවල මුදල් ඉතාමත් ප‍්‍රවේශමෙන් පාවිච්චි කල යුතුයි. එක්තරා බැංකුවකින් පසුගිය රජය සමයේ පාරවල් හදන්නත් මිලියන 40ක් දීලා තියෙනවා. නමුත් දැන් බැංකු නීතී රීතිවලට අනුකූලව වැඩ කරනවා. මේ වසරේ ණය සහ වාරික වශයෙන් රු.ටි‍්‍රලියන 3ක් ගෙවිය යුතුයි. පහුගිය කාලේ ණය අරන් හැදුව පෝට් සිටියෙන් ශත 5ක ලාභයක් නෑ. හම්බන්තොට වරායෙන්, මත්තල ගුවන් තොටුපලෙන් ආදායමක් නැහැ. මේ ණය ගෙවන එක ලේසි නැහැ. මැතිවරණයට වසර දෙකක් තියෙද්දි පහුගිය ආණ්ඩුව අතහැරලා ගියේ කරන්න බැරි නිසා. ආර්ථිකය නිවැරදිව මෙහෙයවාගන්න බැරි වුණ නිසා. 2015 අපේ රට තිබුණේ ජාත්‍යන්තර ආර්ථික සම්බාධක අබියස.රාජපක්ෂලාට ආර්ථික සැලසුම් තිබුනා නම් රටට මේ ඉරණම අත් වෙයිද..?

එ් අයම දැන් බලය ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. නමුත් ආණ්ඩුව පෙරලන්න ආව අය අන්තිමේ වෙරි වෙලා බිම පෙරළි පෙරළි හිටියා. මොකක්ද මේ අයගේ රට හදන සැලැස්ම? කිසිම සැලැස්මක් නැහැ. අද රටේ පැහැරගැනීම් නැහැ. අතුරුදහන් කිරීම්, මාධ්‍යවේදීන් ඝාතන, විනිසුරුවරුන් බලෙන් ධුරවලින් පහකිරීම් නැහැ. යහපාලන ආණ්ඩුව අපරාධ පිටුපස නැහැ. අද තියෙන්නේ ශීලාචාර ආණ්ඩුවක්.

අධිකරණය, පොලිසිය අද ස්වාධීනව ක‍්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමාගේ නිර්දේශයක් වුනත් බාර නොගෙන සිටීමේ හැකියාව එ් ආයතනවලට තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අද ආදර්ශයක් ලෙස අපේ රට පිලිඅරන් තියෙනවා. එ් නිසා මානව හිමිකම් සමුළුවේදී අපේ රට වෙනුවෙන් දින 2ක් වෙන් කලාට අද වෙන් කරන්නේ පැය දෙකයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රාජපක්ෂලාට ආර්ථික සැලසුම් තිබුනා නම් රටට මේ ඉරණම අත් වෙයිද..? | Lanka Newsweek