රාජකීය "රන් කෑම පෙට්ටියේ" සොරුන් පොලිස් දැලේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඩොලර් මිලියන 7 ක් වටිනාකමකින් යුක්තවූ රනින් නිම කර තිබු කෑම පෙට්ටිය සමග රතු මැණික් හා රත්රන් අඩංගු වූ තේ කෝප්පයක්, පීරිසියක් හා තේ හැන්දක් සොර ගත් පුද්ගලයින් ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන…
ඩොලර් මිලියන 7 ක් වටිනාකමකින් යුක්තවූ රනින් නිම කර තිබු කෑම පෙට්ටිය සමග රතු මැණික් හා රත්රන් අඩංගු වූ තේ කෝප්පයක්, පීරිසියක් හා තේ හැන්දක් සොර ගත් පුද්ගලයින් ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සතියේ සොරාගෙන ගොස් තිබුණු එම් භාණ්ඩ හයිද්‍රාබාද් හි අවසන් නිසාම් (රජු) වූ මීර් ඔස්මාන් අලි ඛාන් ට අයත් වූ අතර ඔහු වරෙක ලොව ධනවත් ම පුද්ගලයා ලෙස ද සැලකිණි.
මීට සම්ම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.මෙම පුද්ගලයින් දෙදෙනා සොරා ගත් භාණ්ඩ විකිණීම සඳහා ගනුදෙනු කරුවෙකු සොයා ගැනීමට සඳහා මුම්බායි නගරයට ගොස් ඇති අතර එහිදී දින කිහිපයක් "සුපිරි ලැගුම් හලක" ගත කර ඇත. පසුව ගැනුම්කරුවකු නොලැබීම හේතුවෙන් නැවත හයිද්‍රාබාද් නුවරට පැමිණි මේ පුද්ගලයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම භාණ්ඩ සොරා ගැනීමට පෙර නිසාම මාලිගයේ තිබු සී සී ටී වී කාමර 32කම මෙම පුද්ගලයින් දෙදෙනා අක්‍රිය කර තිබේ. නමුත් එම මාලිගාවට පැමිණෙන මාර්ගයේ තිබු කැමරාවකින් මොවුන් පැමිණි මොටෝර් රථය සටහන් වී තිබු අතර ඒ ඔස්සේ පරීක්ෂණ ඇරඹු පොලිසියට මෙම පපුද්ගලයින් දෙදෙනා සොයා ගැනීමට හැකි වී තිබේ.
සොයා ගත් මෙම භාණ්ඩ නැවත එම නිසාම් කෞතුකාගාරයට භාර දෙනු ලැබිය.
2000 වසරේදී මහජනයාට විවෘත කෙරුණු මෙම කෞතුකාගාරයේ මීර් ඔස්මාන් අලි ඛාන් හට තෑගි ලෙස ලැබූ වටිනා භාණ්ඩ රැසක් තිබේ.
මීර් ඔස්මාන් අලි ඛාන්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1