අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රාජකාරිය නිවැරදිව ඉටු කරන රාජ්‍ය සේවකයින් වරප්‍රසාද කමිටුවට කැඳ වනු එපා

රාජකාරිය නිවැරදිව ඉටු කරන රාජ්‍ය සේවකයින් වරප්‍රසාද කමිටුවට කැඳ වනු එපා

එසේ කිරීම වැරදි පූර්වාදර්ශයක් නිවැරදිව රාජකාරී ඉටු කරන රාජ්‍ය සේවක සේවිකාවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවලට ගෙකැඳවා වැරදි පූර්වාදර්ශ ලබා නොදිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…

එසේ කිරීම වැරදි පූර්වාදර්ශයක්  

නිවැරදිව රාජකාරී ඉටු කරන රාජ්‍ය සේවක සේවිකාවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවලට ගෙකැඳවා වැරදි පූර්වාදර්ශ ලබා නොදිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්තුමියව වරදක් නොකර ඇයගේ රාජකාරිය නිසි පරිදි ඉටු කර ඇති මොහොතක ඇය වරප්‍රසාද කමිටුවට කැඳවා ඇති බවත් මෙසේ වරප්‍රසාද කමිටුවට කැඳවිම රාජ්‍ය සේවකයන්ට ලබා දෙන වැරදි පුර්වාදර්ශයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

එසේම වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ලේකම් ඉවත් කිරිම සහ නව පත්කිරීමත් උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්තුමිය වරප්‍රසාද කමිටුවට ගෙන ඒමත් වැරදි පූර්වාදර්ශයක් බවත් එවැනි දේ සිදු නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රාජකාරිය නිවැරදිව ඉටු කරන රාජ්‍ය සේවකයින් වරප්‍රසාද කමිටුවට කැඳ වනු එපා | Lanka Newsweek