රසායනික පොහොර තහනම ඉවත් නොකරනු

(හේමන්ත තුසිත කුමාර) රසායනික පොහොර තහනම් කිරීමට රජය විසින් ගනු ලැබූ තීන්දුව කිසිවිටෙක අත්නොහල යුතු බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි. ඕමල්පේ සෝභිත හිමියන් මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත…
(හේමන්ත තුසිත කුමාර)
රසායනික පොහොර තහනම් කිරීමට රජය විසින් ගනු ලැබූ තීන්දුව කිසිවිටෙක අත්නොහල යුතු බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි. ඕමල්පේ සෝභිත හිමියන් මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර තුරදීය. එහිදී තව දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසීය.
"අතිශයින්ම ප්‍රයෝජනවත් සංවර්ධනාත්මක කටයුත්තක් කියන දේට කිසිදු සැකයක් නෑ. ඒ සම්බන්ධයෙන් විවිධ විවේචන තියෙන බව ඇත්ත. නමුත් ලැබුණ ප්‍රථම අවස්ථාවේ දීම රටේ අනාගතය ගැන සිතන අය හැටියට මේ යෝජනාවට අනුබල දිය යුතුයි. මේ යෝජනාව සක්‍රීය කරගත යුතුයි. එකම ප්‍රශ්නයක් තියෙනවා. පොහොර හිඟයක්. පොහොර හිඟය සම්බන්ධයෙනුත් රජය දන්වා සිටින පරිදි ප්‍රමාණවත් පොහොර රටේ තියෙනවා. හැබැයි ඒ ඒ පුද්ගලයෝ ඒක හංගා ගෙන විවිධ ව්‍යාපාර සඳහා කූඨ උපාය මාර්ග යොදමින් පොහොර හංගාගෙන ඉන්න වැඩසටහනක් ගැන කියවෙනවා. එහෙම නම් රජය කළ යුත්තේ වහාම අත්‍යාවශ්‍ය නම් ආරක්ෂක හමුදා බලය යොදා ගෙන පොහොර සඟවා තිබෙන තැන් වහාම වැටලීම් කරලා ඒ පොහොර එළියට අරන් ගොවි ජනතාව අතර සාධාරණ ලෙස බෙදා දීමයි."