අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවී සිරිකොත දෙදරවයි-දැඩි විවේචනයක් එල්ල කරයි

රවී සිරිකොත දෙදරවයි-දැඩි විවේචනයක් එල්ල කරයි

"ඔක්කොම හැදුවේ තනියෙන් රජ වෙන්න-අන්තිමේදී අපි තනි වුණා" "රටත් ජනතාවත් වෙනුවෙන් දැන්වත් සටන් කරමු" රවීගේ විවේචනයට රනිල් විරුද්ධ වෙලා නැහැ (සුජිත් මංගල ද සිල්වා) "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ…

"ඔක්කොම හැදුවේ තනියෙන් රජ වෙන්න-අන්තිමේදී අපි තනි වුණා"

"රටත් ජනතාවත් වෙනුවෙන් දැන්වත් සටන් කරමු"

රවීගේ විවේචනයට රනිල් විරුද්ධ වෙලා නැහැ 


(සුජිත් මංගල ද සිල්වා) 

"සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සිකුරාදා (13) පැවැති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීමට බොහෝ කලකට පසු සහභාගී වූ එම පක්ෂයේ හිටපු උප නායක රවී කරුණානායක මහතා විවිධ දේශපාලනික කරුණු කාරණා සහ එම පක්ෂයේ නායකයින්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර තිබේ. 

ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට, රනිල් වික්‍රමසිංහ මහතාට සහ අර්ජුන් ඇලෝසියස්ට චෝදනා කළාට එවකට විෂය භාර ඇමතිව සිටී කබීර් හෂීම් මහතා ගැන කිසිවකු කතා නොකිරීම බරපතළ සැකයකට සහ ප්‍රශ්නයකට තුඩු දී තිබෙන බව රවී කරුණානායක මහතා එහිදී අවධාරණය කර ඇත. 

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් රවී කරුණානායක මහතා මෙසේ ද කියා තිබේ.

දැන්වීම

"කබීර් හෂීම් මහතා මේ වන විට සිටින්නේ සමගි ජන බලවේගය එක්ක. සියලු දෙනාම එදා වැඩ කළේ තනි තනිවමයි. ඒ සියලු දෙනාට අවශ්‍ය වූයේ තනිවම රජ වෙන්න විනා ආණ්ඩුවක්, එක කණ්ඩායමක් සහ පක්ෂයක් ලෙස වැඩ කිරීමට නොවෙයි. යහා පාලන ආණ්ඩුව රටට-ජනතාවට කළ මෙහෙවර ගැන ප්‍රචාරය කළේ නැහැ. සියලු දෙනාම කළේ තනි තනියෙන් ප්‍රචාරක ව්‍යාපෘති දියත් කරමින් තනිවම ලකුණු ගැනීමටයි. රජයක් ලෙස අපි එදා කළ සේවය  ගැන සියලු දෙනා අද කතා කරමින් සිටිනවා. මම අද තනි වෙලා. ඔබලාත් තනි වෙලා. එහෙත් අපට අදටත් විධිමත් සහ සාර්ථක ප්‍රචාරක ව්‍යාපෘතියක් ඇත්තේ නැහැ." 

රටේ හිටපු මුදල් ඇමතිවරයා වශයෙන් රවී කරුණානායක මහතා, වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගැනද එහිදී කරුණු සඳහන් කරමින් කියා තිබෙන්නේ ඔහු එම ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු කිසිදු  විවේචනයක් එල්ල නොකිරීම ගැටලු සහගත වන අතර සැකයට ද තුඩු දෙන බවය.

රටත් ජනතාවත් මේ වන විට බරපතළ අර්බුදයකට සහ ප්‍රශ්න ගණනාවකට මුහුණ දී අන්ත අසරණව සිටින මේ මොහොතේ රටත්ජ-ජනතාවත් වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව එකමුතුව සටන් කළ යුතු කාලය එළැඹ ඇතැයි ද රවී කරුණානායක මහතා එහිදී අවධාරණය කර ඇති අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ මෙම විවේචනය සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් දක්වා නොමැති බව ද දැන ගන්නට තිබේ."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රවී සිරිකොත දෙදරවයි-දැඩි විවේචනයක් එල්ල කරයි | Lanka Newsweek