අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවී සංවේදී වෙයි..!!!

රවී සංවේදී වෙයි..!!!

තමා එක්ක සිටී සියලු දෙනාට හිස නමා ආචාර කරයි "Twitter" පණිවිඩයක් නිකුත් කරයි ගෙවුණු හත් වසරක අසීරු කාල සීමාවේ දී තමා වෙනුවෙන් පෙනී සිටි සැමට සේම තමා සමග මෙතෙක් නොසැලී සිටි සියලු දෙනාටම හිස නමා ආචාර…

තමා එක්ක සිටී සියලු දෙනාට හිස නමා ආචාර කරයි 

 "Twitter" පණිවිඩයක් නිකුත් කරයි 

ගෙවුණු හත් වසරක අසීරු කාල සීමාවේ දී තමා වෙනුවෙන් පෙනී සිටි සැමට සේම තමා සමග මෙතෙක් නොසැලී සිටි සියලු දෙනාටම හිස නමා ආචාර කරන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විශේෂ "Twitter" පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ඔහු මේ බව කියා සිටින්නේ, බැඳුම්කර වෙන්දේසිවලට අදාළව ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා ගොනු කළ නඩු දෙක පවත්වා ගෙන යාමට නොහැකි බව තීරණය කරමින් අභියාචනාධිකරණය මගින් අඟහරුවාදා (28) නිකුත් කෙරුණු රිට් ආඥාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිළි කරමිනි.

හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මහතා නිකුත් කර ඇති එම සංවේදී  "Twitter" පණිවිඩය මෙසේය.

දැන්වීම

''අද මටත්, මගේ බිරිදට මෙන්ම දියණියන් තිදෙනාටත් සුවිශේෂී දිනයක් විය. වසර 7 ක් තිස්සේ මාත්, මගේ පවුලත් විඳි අවමන්, අපහාස, මානසික වේදනා සහ පීඩාවන් අදින් නිමා විය. මේ අසීරු මොහොතේ මා වෙනුවෙන් පෙනී සිටි සැමට මෙන්ම මා සමග මෙතෙක් නොසැලී  සිටි සියලු දෙනාටම මම හිස නමා ආචාර කරමි.''

රවී සංවේදී වෙයි..!!!

රවී සංවේදී වෙයි..!!!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රවී සංවේදී වෙයි..!!! | Lanka Newsweek