රවී රනිල්ගෙන් සමාව ඉල්ලයි..!

මම කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් ඒක නිවැරදි කරන්නම්. මං හිතුවා ඒක මගේ යුතුකමක් මම රුවන්ට, නවීන්ට, අකිලට, හරීන්ට, මනුෂට කතා කළා දෙන්නෙක්ගේ අවශ්‍යතාවය ඉටු කරන්න ඕක…
මම කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්
ඒක නිවැරදි කරන්නම්. මං හිතුවා ඒක මගේ යුතුකමක්
මම රුවන්ට, නවීන්ට, අකිලට, හරීන්ට, මනුෂට කතා කළා
දෙන්නෙක්ගේ අවශ්‍යතාවය ඉටු කරන්න ඕක කඩාකප්පල් කරනවා
මොකද ඒගොලොන්ට ඕනේ එකතුවීම නෙමෙයි
එක්කෙනෙක් බලන්නේ ලේකම් වෙන්න. අනිත් කෙනා බලන්නේ නායකයා වෙන්න
රවී මාධ්‍ය හමුවේ කියයි
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා සිකුරාදා (31) පැවති මාධ්‍ය හමුවකදී සිදුවූ අතපසුවීමක් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සමාව ඉල්ලා සිටි අතර එක්සත් ජාතික පක්ෂය සහ සජබය එක් කිරීම සම්බන්ධයෙන්ද අදහස් ප්‍රකාශ කරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද ප්‍රකාශ කළේය.
ඔව්. ප්‍රථමයෙන්ම මට ඊයේ සිදුවූ අතපසු වීමක් සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යයි. ඊයේ සමාජ ගත වෙලා තියෙනවා වැරදි අදහසක්. ඇත්තටම ඒක මගේ අතින් වුනු අතපසුවීමක්. මං රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට මගේ කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි. ඒක සම්පූර්ණයෙන්ම වැරදීමක්. මොකද එතනදි පසුව කියන වචනය නැතුව ප්‍රකාශයක් වෙලා තියෙනවා. මං දැන් ඒක නිවැරදි කරන්නම්. මං හිතුවා ඒක මගේ යුතුකමක් කියලා. ඒ වගේම ඒකෙන් පේනවා කොයි තරම් බංකොලොත් භාවයකද ඉන්නේ, මේ දෙන්නෙක් තුන්දෙනෙක් කියලා. මේක අරන් පෙන්නන්න හදනවා වැරදි අදහසක් සමාජ ගත කරන්න.
මං හැම වෙලාවෙම ප්‍රකාශ කරපු දෙයක් තමයි. මේ රනිල් වික්‍රමසිංහ තමයි අපට ඉන්න එකම සම්පත. නමුත් එතුමාව නැති කරන්නේ දෙන්නෙක්, ඒ දෙන්නව මං වැඩිකල් යන්න ඉස්සෙල්ලා නම් කරනවා. ඒක නිසා මේ වගේ වැරදි අදහස් සමාජගත කරලා තියෙනවා. මං ඊයේ පසුව කියන වචනය, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට පසුව ඉන්න ජේෂ්ඨම පුද්ගලයා මම කියන එක වෙනුවට ඒ පසුව වචනය නැතුව කියල තියෙන එකට මගේ කණගාටුව මම මේ වෙලාවේ ප්‍රකාශ කළ යුතුයි.
දැන්වීම
ඒ විතරක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයයි, සජබයයි එකතුවීම කියන එක ගත්තම, මං හැම වෙලාවෙම කිව්වේ ඒක බොහොම ගෞරවයෙන් වෙන්න ඕන එකතුවීමක් මිසක් බලහත්කාරයෙන් කිරීමක් නොවිය යුතුයි කියන එකයි. හැබැයි ඕක වෙන්න දෙන්නෙ නෑ. මං නැවත කියන්නේ, දෙන්නෙක්ගේ අවශ්‍යතාවය ඉටු කරන්න ඕක කඩාකප්පල් කරනවා. මොකද ඔතන එක්කෙනෙක් බලන්නේ ලේකම් වෙන්න. අනිත් කෙනා බලන්නේ නායකයා වෙන්න.
ඉතින් මේ පසුබිම තුළ මම ඊයේ කතා කළා රුවන්ට, නවීන්ට, අකිලට, හරීන්ට, මනුෂට. කතා කරලා මම ඇහුවේ අපි කොහොමද මේක සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් සහ සජබ ඔක්කොම එකතු කරගන්න පුළුවන් සහ වටිනාකමක් මෙන්ම ගරුත්වයක් ලැබෙන අයුරින් මේක කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකට වැඩි කල් යන්න කලින් අපි කතා කරමු. මම ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහටත් අද කතා කරනවා, නමුත් අද විදේශගත වෙනවා කියලා මට දැනගන්න ලැබුණා. මං ඊට දවස් දෙක තුනකට කලින් එතුමට කතා කරලා තිබ්බා.
මං හිතන විදිහට මේවා නිවැරදි කරන එක මගේ යුතුකමක් වගේම කාර්යභාරයක්. ඒ නිසා තමයි මම අදත් කතා කලේ.