අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“රවී-මංගල” මෙහෙයුම ඇරඹේ..!

“රවී-මංගල” මෙහෙයුම ඇරඹේ..!

(සුජිත් මංගල ද සිල්වා) විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටින දේශපාලකයින්, ප්‍රබල ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් පක්ෂය වටා යළි එකට ඒකරාශී කිරීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.…

(සුජිත් මංගල ද සිල්වා)

විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටින දේශපාලකයින්, ප්‍රබල ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් පක්ෂය වටා යළි  එකට ඒකරාශී කිරීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් වන අතර මෙසේ සියලු දෙනා එකට ඒකරාශී කෙරන්නේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පක්ෂයේ ඒ ඒ තනතුරුවලට සුදුසු පුද්ගලයින් නම් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ සජිත් ප්‍රේමදාස,රුවන් විජයවර්ධන සහ ජේ සී අලවතුවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටු තුනට උපදෙස් දී තිබේ.

මේ ප්‍රතිසංවිධාන කමිටුවල වැඩ කටයුතු අධීක්ෂණය කිරීමට සහ එම කමිටුවලට සහය දැක්වීම  සඳහා ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් විශේෂ කමිටුවක් ද පත් කරනු ලැබ ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“රවී-මංගල” මෙහෙයුම ඇරඹේ..! | Lanka Newsweek