අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවී කරුණානායක ගැන සරසවි ප්‍රජාවගේ ස්ථාවරය මෙන්න..!

රවී කරුණානායක ගැන සරසවි ප්‍රජාවගේ ස්ථාවරය මෙන්න..!

එජාපයේ දේශපාලන ව්‍යාපාරය රවීට භාර දිය යුතුයි රවී ඉදිරියට ගත හොත් සරසවි ප්‍රජාවේ සහයත් එජාපයට සරසවි ප්‍රජාව අවධාරණය කරති කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක…

එජාපයේ දේශපාලන ව්‍යාපාරය රවීට භාර දිය යුතුයි

රවී ඉදිරියට ගත හොත් සරසවි ප්‍රජාවේ සහයත් එජාපයට
 

සරසවි ප්‍රජාව අවධාරණය කරති   

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එම පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය භාර දිය යුතු යැයි අවධාරණය කර සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ, නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ ද කියා සිටියි. 

"ආසියාවේ හොඳම මුදල් ඇමති සම්මානයෙන් පිදුම් ලැබූ රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලැබීමට යන බවට පැතිර යන ආරංචිය අතිශයින්ම සුභ ආරංචියක් වන අතර එසේ වුණොත් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අනාගතය තහවුරු වීම නියතයි.

විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අප අපේක්ෂා කරන්නේ, රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ව්‍යාපාරයට අදාළ සියලු වගකීම් සහ කාර්ය භාරයන් පවරා දී, පක්ෂය විජයග්‍රහණය සඳහා මෙහෙය වන සිය වැඩ පිළිවෙළට වගේම ආර්ථික වශයෙන් රට ගොඩනගන සිය මෙහෙයුමට ද ඔහුගේ දායකත්වය ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරනු ඇති බවයි.  

දැන්වීම

රවී කරුණානායක කියන්නේ උගතෙක්. බුද්ධිමතෙක්. දක්ෂයෙක්. ආචාරශීලී පුද්ගලයෙක්. සුහදශීලී පුද්ගලයෙක්. මිත්‍රශීලී  පුද්ගලයෙක්. ඔහුට ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් තිබෙනවා. ලෝකය ඔහුව පිළි ගන්නවා. ඒ වගේම ඔහු නැති බැරි, අන්ත අසරණ, දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඔහු අහංකාර නැහැ. උද්ධච්ඡ නැහැ. රෑ 12.00 ට කතා කළත් දුරකථනයට එනවා. ඔහුට හොඳ පළපුරුද්දක් තිබෙනවා. ඒ වගේම ඔහුට තිබෙන්නේ තරුණ සිතුවිලි. එමනේම ඔහු උසාවියෙන් නිර්දෝෂී වූ පුද්ගලයෙක්.

රවී කරුණානායක මහතා සතු මෙම කුසලතා සහ ගුණාංග නිසා ඔහුට ජන සමාජයේ සෑම තරාතිරමකම සහ සෑම ස්ථරයකම ජනයා එකට ඒකරාශී කළ හැකියි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට ගත හොත් විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අපට ද එම පක්ෂයට මතවාදී සහයක් ලබා දීමට හැකියාව තිබෙනවා. එමෙන්ම මේ වන විට විසිරී සිටින එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය පළ කළ විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් යළි එකට ඒකරාශී කිරීමේ ශක්තිය ද රවී කරුණානායක මහතාට තිබෙනවා." 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රවී කරුණානායක ගැන සරසවි ප්‍රජාවගේ ස්ථාවරය මෙන්න..! | Lanka Newsweek