අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවී එජාප ජාතික ලේකම්වරයා ලෙස පත් කෙරේ

රවී එජාප ජාතික ලේකම්වරයා ලෙස පත් කෙරේ

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එම පක්ෂයේ ජාතික ලේකම් ධූරයට පත් කරනු ලැබ තිබේ. "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (02) පැවති…

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එම පක්ෂයේ ජාතික ලේකම් ධූරයට පත් කරනු ලැබ තිබේ.

"සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (02) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රවී කරුණානායක මහතා මෙසේ එම පක්ෂයේ ජාතික ලේකම් ධූරයට පත් කරනු ලැබ තිබෙන අතර එම ධූරය අලුත් තනතුරක් වේ.

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට ජාතික ලේකම් ධූරයේ වගකීම සහ කාර්ය භාරය වනු ඇත්තේ ජනතාව එක්සත් ජාතික පක්ෂය වටා එකට ඒකරාශී කරමින් රට පුරා විශාල ජාලයක් ගොඩනගා පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම වේ.

දැන්වීම

මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරයාගේ වගකීම සහ කාර්ය භාරය වනු ඇත්තේ "සිරිකොත" පක්ෂ මූලස්ථානය පරිපාලනය කිරීම වන අතර ඔහු පුරන කාලීනව එම තනතුර දරමින් එම වගකීම් සහ කාර්ය භාරයන් ඉටු කළ යුතු වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වැඩි දුරටත් තීන්දු කර ඇත්තේ එම පක්ෂයේ මහා ලේකම්වරයා සහ භාණ්ඩාගාරිකවරයා ක්‍රියාකාරී මැතිවරණ දේශපාලනයේ නොයෙදිය යුතු අතර ඔවුන් පූර්ණ කාලීනව එම තනතුරුවල කටයුතු කළ යුතු බවය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රවී එජාප ජාතික ලේකම්වරයා ලෙස පත් කෙරේ | Lanka Newsweek