අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවී ඇතුළු එජාපයේ කිසිවකු බැඳුම්කරයට සම්බන්ධ නැහැ..!

කරුණු පැහැදිළි කර ගැනීමක් සඳහා ජනපති හමුවීමට එජාප පසු පෙළ අගමැතිගෙන් අවසර ඉල්ලයි

පරීක්ෂණවලට රවීගෙන් යළිත් සහය -එජාප උපනායකමත් තාවකාලිකව අත හරියි භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට අනුව රවී කරුණානායක මහතා ඇතුළු කිසිදු එක්සත් ජාතික…

පරීක්ෂණවලට රවීගෙන් යළිත් සහය -එජාප උපනායකමත් තාවකාලිකව අත හරියි

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට අනුව රවී කරුණානායක මහතා ඇතුළු කිසිදු එක්සත් ජාතික පාක්‍ෂිකයෙකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට සම්බන්ධ බවට අනාවරණය වී නැතැයි එකසත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් කබීර් හෂීම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර අති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව අනුව රවී කරුණානායක මහතා ඇතුළු කිසිදු එක්සත් ජාතික පාක්‍ෂිකයෙකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට සම්බන්ධ බවට අනාවරණය වී නොමැත. එසේ වුවද, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිකරුවන්ටම අයත් හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ පාලන කටයුතු මෙහෙයවන්නන් විසින්ම මෙහෙයවනු ලබන සමාගමක් වන වෝල්ට් ඇන්ට් රෝ පුද්ගලික සමාගම විසින් ගෙවන නිවාස බදු මුදල් නිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අයථා ප්‍රතිලාභ ලැබූ බවට සිදු කළ නිගමනය අනුව ඔහුට විරුද්ධව අල්ලස් පනත හෝ වෙනත් යම් නීතියක් යටතේ කටයුතු කළ යුතුද නැද්ද යන්න නීතිපතිවරයා විසින් හා අල්ලස් කොමිසම විසින් නිගමනය කළ යුතු බවට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් තීරණය කොට ඇත.

දැන්වීම

එසේම රවී කරුණානායක මහතා විසින් කොමිෂන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්‍ෂි ලබා දෙන ලද බව පෙනී යන හෙයින් ඒ පිළිබඳව පරීක්‍ෂා කොට, එසේ ඔහු විසින් ලබා දී ඇති සාක්‍ෂි අසත්‍ය නම් 1948 අංක 17 විමර්ශන කොමිෂන් සභා පනතේ 9 වගන්තිය සමග එක්ව කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 169 වගන්තිය යටතේ හෝ 188 වගන්තිය යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේ නඩු පැවරීමට පදනමක් තිබේද යන්න නීතිපතිවරයා විසින් හෝ වෙනත් නිසි අධිකාරියක් විසින් සලකා බැලිය යුතු බවටද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.

මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව රවී කරුණානායක මහතාට විරුද්ධව නඩු නොපැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හෝ අවසන් තීරණයක් ගනු ලබන තෙක් හෝ ඔහුට විරුද්ධව නඩු පැවරුවහොත්, එම නඩු කටයුතු අවසන් වන තෙක් ඔහු විසින් එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක තනතුරේ වගකීම් කිසිවක් නොදැරිය යුතු බවට එක්සත් ජාතික පක්‍ෂ නායකතුමන් විසින් පත් කරන ලද කමිටුව විසින් නිර්දේශ කොට ඇත. පෙබරවාරි මැද භාගයේදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රවී ඇතුළු එජාපයේ කිසිවකු බැඳුම්කරයට සම්බන්ධ නැහැ..! | Lanka Newsweek