රවීට මඩ ගහන්න තිබෙන හදිසියට විරුද්ධවාදීන් කෙළවා ගත් හැටි

"අපි සීනි හැඟුවේ නැහැ" -Global Park- "Global Treading" එක්ක "Global Park" පටළවා ගෙන හදිසියට කොරොස් කටේවත්වත් අත දාන්න බැහැලු..! විරුද්ධවාදීන්ගේ සමාජ මාධ්‍ය මඩ ප්‍රහාර අනාථයි "Global Park" කරුණු පහදයි…
"අපි සීනි හැඟුවේ නැහැ" -Global Park-
"Global Treading" එක්ක "Global Park" පටළවා ගෙන
හදිසියට කොරොස් කටේවත්වත් අත දාන්න බැහැලු..!
විරුද්ධවාදීන්ගේ සමාජ මාධ්‍ය මඩ ප්‍රහාර අනාථයි
"Global Park" කරුණු පහදයි

(නිලන්ති මානෙල් චන්ද්‍රසේන)
සිය සමාගම සීනි තොග සඟවා ගෙන තිබියදී පාරිභෝගික අධිකාරිය මගින් අත්අඩංගුවට ගැනුණු බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අභූත, අසත් සහ පදනම් විරහිත බව "Global Park" සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
"Global Park"සමාගම වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී ප්‍රියංක දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සිය ආයතනය කිසිදු අයුරකින් අනවසර සීනි තොග හෝ වෙනත් නීති විරෝධී කිසිදු භාණ්ඩයක් ගබඩා කිරීමක් සිදු කර නොමැති බවය.
දැන්වීම
"Global Park" යනු එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණියට අයත් සමාගමක් වන අතර ඒ අනුව මෙම අභූත, අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාර සියල්ල රවී කරුණානායක මහතා සහ ඔහුගේ පවුල ඉලක්ක කර ගෙන එල්ල කර තිබෙන දේශපාලන මඩ ප්‍රහාර බව හෙළිදරව් වී තිබේ.
පාරිභෝගික අධිකාරිය මගින් මීට දින කිහිපයකට පෙර වටලනු ලැබූ අනවසර සීනි අතර පිරමීඩ් විල්මා සමාගම, විල්සන් ට්‍රේඩින් සමාගම, ආර්. ජි. ස්ටෝර්ස් සමාගම සහ ග්ලෝබල් ට්‍රේඩින් සමාගම යන සමාගම් තිබී ඇති අතර ඇතැම් විරුද්ධවාදීන් සමාජ මාධ්‍ය ඔස්සේ රවී කරුණානායක මහතා සහ ඔහුගේ දියණිය ඇතුළු පවුල ඉලක්ක කර ගෙන මෙම අභූත, අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රහාරය එල්ල කරමින් සිටින්නේ "Global Park" සමග "Global Treading" යන සමාගමේ නම පටළවා ගනිමිනි.
මේ සම්බන්ධයෙන් "Global Park" සමාගමේ සාමාන්‍යාධිකාරී ප්‍රියංක දිසානායක මහතා නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
"Global Park" ආයතනය වසර 1999 සිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිතව ආනයන සහ අපනයන ක්ෂේත්‍රය සඳහා ගබඩා පහසුකම් ඇතුළුව අගය එකතු කිරීමේ සේවාවක් ලබා දෙන ආයතනයකි. පුරා වසර 22 ක පමණ කාලයක් මෙම ක්ෂේත්‍රයේ විශාල සේවාවක් සලසමින් රටට අත්‍යාවශ්‍ය වී ඇති විදේශ විනිමය සහ දහසකට අධික උගත් තරුණ තරුණියන්හට රැකියා අවස්ථා ලබාදී ඇති ආයතනයකි. මේ අනුව විටින් විට අප ආයතනයේ ඉලක්ක කර ගෙන සමාජ මාධ්‍ය මගින් නොයෙකුත් ආකාරයේ වැරදි ප්‍රතිරූප නිර්මාණය කරමින් අසත්‍ය ප්‍රචාර සිදු කොට ඇත.
2021 අගෝස්තු මස 30 වැනිදා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අප ආයතනය සතු ගුදම් පරික්ෂා කරන ලද අතර සමාජ මාධ්‍ය විසින් අප ආයතනය ඇතුළේ සීනි සඟවා ඇති බවට ප්‍රකාශ නිකුත් කර ඇත. එම ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයකි. මෙම පරික්ෂාවේදී අප ආයතනය විසින් කිසිදු නීති විරෝධි ලෙස සීනි හෝ වෙනත් කිසිදු භාණ්ඩ තොග ගබඩා කර නොමැති බවට 2021 සැප්තැම්බර් මස 01 වන දින පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කරන ලදී. ඒ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට අපගේ ස්තූතිය පළ කර සිටින අතර මෙම සාවද්‍ය ප්‍රචාර සහ ප්‍රකාශ සම්බන්ධව පහත ප්‍රකාශය කිරීමටද කැමැත්තෙමි.
අප ආයතනයේ ගුදම්වල ගබඩා කරන සියලු අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා 11/06/2021 දරන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි සිය අත්‍යාවශ්‍ය භාණ්ඩ පිළිබඳව පෙර ලියාපදිංචියක් අප විසින් සිදු කොට ඇත. විශේෂයෙන් පවතින වර්තමාන වසංගත තත්ත්වය හමුවේ ඉදිරියේදී කිසිදු අඩපණ වීමක් නොමැතිව සිය නිෂ්පාදන කටයුතු කර ගෙන යෑම සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලා මගින් අපගේ ගුදම්වල රැස් කර ගබඩා කර තබා ගැනීම සාමාන්‍ය ක්‍රියාවලියකි.
එසේ නොමැති නම් එම නිෂ්පාදන ආයතනවල සේවකයන් සඳහා රැකියා අවස්ථා අහිමි වීම සහ එම නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණවීමද සිදු විය හැකි බැවින් සිය නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය හැකි පමණ රැස් කර තබා ගැනීම එක් එක් ආයතනය මගින් සිය ඉදිරි ව්‍යාපාර කටයුතු සාර්ථකව කර ගෙන යෑම සඳහා ගන්නා ක්‍රියා මාර්ගයකි.
යම් තොරතුරක් ලැබුණ සැනින් ඒ් ගැන හරි හැටි සොයා නොබලා සමාජ මාධ්‍ය මගින් අප ආයතනයේ කීර්ති නාමයට හානි වන අයුරින් කටයුතු කළ ප්‍රථම අවස්ථාව මේ අවස්ථාව නොවන බවත් කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. තවද අප ආයතනය අභ්‍යන්තරයේ නීති විරෝධී ක්‍රියාකාරකමක් කිසිදු අවස්ථාවක සිදු නොකරන ලද බවත් අවශ්‍ය සැම විටම අදාළ ආයතනවලින් අනුමැතීන් ලබා ගෙන සහ රාජ්‍ය ආයතනවලට අදාළ නීතී සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කර ඇති බවත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.
මෙසේ සාවද්‍ය ප්‍රචාර සිදු කිරීම සහ එම අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරීම හේතුවෙන් අප ආයතනයේ කීර්ති නාමයට ඉතාමත් බරපතළ හානියක් සිදුව ඇති බැවින් එසේ කර ඇති සියලුම සමාජ මාධ්‍ය ප්‍රකාශයන් සඳහා ඉදිරියේ දී නීතිමය ලෙස කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප ආයතනයේ නීතිඥවරුන්ට මේ වන විටත් දැනම්දී ඇත. ඒ් අනුව අප මෙසේ දැනුම්දී සිටින්නේ අප ආයතනය කිසිදු අයුරකින් අනවසර සීනි හෝ වෙනත් නීතියට පටහැනි භාණ්ඩ ගබඩා කිරීමක් නොකර ඇති බවයි.