රවීට ගහලා මලික්ගෙන් කෝටි ගණන් සල්ලි ගනිමු ද ..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

එජාපයේ දහයක් ඉලක්ක කර ගත් දේශපාලන මඩ කුමන්ත්‍රණය හෙළි වෙයි..! මලික්-කබීර් කිරිඇල්ලට වළ කපලා..! කතානායක-ෆීල්ඩ් මාර්ෂල්-නියෝජ්‍ය නායක ඉලක්ක වෙලා..! අකිල-හරීන් පවා ඒ අතර..! මලික් සමරවික්‍රමගෙන් ජාතික…
එජාපයේ දහයක් ඉලක්ක කර ගත් දේශපාලන මඩ කුමන්ත්‍රණය හෙළි වෙයි..!
මලික්-කබීර් කිරිඇල්ලට වළ කපලා..!
කතානායක-ෆීල්ඩ් මාර්ෂල්-නියෝජ්‍ය නායක ඉලක්ක වෙලා..!
අකිල-හරීන් පවා ඒ අතර..!
මලික් සමරවික්‍රමගෙන් ජාතික පුවත්පතකට ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක්..!
(රසික මහගෙදර)
මුද්‍රිත මාධ්‍ය,විද්‍යුත් මාධ්‍ය,වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ එක්සත්ජාතික පක්ෂ අභ්‍යන්තරයේදී එම පක්ෂයේ ප්‍රබලයින් දස දෙනකුට එරෙහිව දේශපාලන මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමේ කුමන්ත්රණකාරී සැලැස්මක් පිළිබඳව “lankanewsweek” වෙත තොරතුරු අනාවරණය වී තිබේ.
මේ ප්‍රහාරයට ඉලක්ක වී ඇත්තේ කතානායක කරු ජයසූරිය,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස,උපනායක රවී කරුණානායක,සන්නිවේදන ප්‍රධානී හරීන් ප්‍රනාන්දු,අමාත්‍යවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,ජොන් අමරතුංග,පී.හැරිසන් සහ අශෝක අබේසිංහ යන මහත්වරුන්ය.
මේ සැලසුමේ එක් පියවරක් ලෙස සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතාට එරෙහි මාධ්‍ය ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා රටේ එක්තරා ප්‍රධානම පෙළේ සිංහල ජාතික පුවත්පතකට කොන්ත්‍රාත්තුවක් භාර දී තිබෙන අතර ඒ වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක් ගෙවීමට ද එකඟ වී තිබේ.
කෙසේ නමුත් අදාළ ජාතික පුවත්පත මලික් සමරවික්‍රම මහතාගේ එම කොන්ත්‍රාත්තුව තරයේ ප්‍රතික්ෂේප කළ බව එම පත්‍රයේ කර්තෘ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.
කතානායක කරු ජයසූරිය,එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ ෆීල්ඩ් මාර්ෂල සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඉලක්ක වී තිබෙන්නේ 2020 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ කාරණයේදී ඒ අය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝගයක් වනු ඇතැයි කියන දේශපාලන කාරණය මතය.
එක්සත් ජාතික පෙරමුණේ 2020 ජනාධිපති අපේක්ෂකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විය යුතු යන මතයේ මලික් සමරවික්‍රම,මංගල සමරවීර,සාගල රත්නායක,අකිල විරාජ් කාරියවසම් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රික බණ්ඩාරනායක යන මහත්ම මහත්මීහූ තරයේ සිටිති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතුය යන මතයේ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද සිටියත් පක්ෂය අභ්‍යන්තරයේදී සහ භාහිර දේශපාලන ක්‍රියාකාරකම්වලදී මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක යන මහත්වරුන් ඔහුට එරෙහිව ක්‍රියා කරන්නේ දේශපාලන කාරණයක් නිසා නොව රනිල් වික්‍රමසිංහ කියන චරිතයට වඩා සමීප විය හැක්කේ කවුරුන්ට ද යන කාරණය මත ඇති වී තිබෙන තරඟය නිසා යැයි අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා ඉලක්ක වී තිබෙන්නේ තරුණ දේශපාලකයකු ලෙස ඔහු පක්ෂයේ ඉදරියට පැමිණෙමින් සිටීම සහ මලික් සමරවික්‍රම මහතාගේ පාලනයට ඔහු අවනත නොවීම මතය.
ජොන් අමරතුංග,අශෝක අබේසිංහ සහ පී හැරිසන් යන මහත්වරුන්ගේ මතය වී තිබෙන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවිය යුතුය යන මතයේ වන අතර ඒ අය ද මේ සැලසුමේ ඉලක්ක වී ඇත්තේ ඒ හේතුවෙනි.
මේ අතර කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙනවාට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විරුද්ධ වූ අවස්ථාවේදී එම අමාත්‍ය ධූරය තාවකාලිකව හෝ භාර ගන්න යැයි රනිල් වික්‍රමසිංහ මහතා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පසුව අරලිය ගහ මන්දිරයේ පැවති අභ්‍යන්තර රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් සමග පවසා තිබෙන අතර එහිදී මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් ඊට තරයේ විරුද්ධ වී තිබේ.
මේ අතර රාජ්‍ය බැංකු භාරව කටයුතු කරන රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් මේ වන විට සීතල යුද්ධයක් පවතින අතර ඊට ආසන්නතම සහ හොඳම උදාහරණය වන්නේ ලංකා බැංකුවේ සේවක සේවිකාවන්ට අවුරුදු තුනකට වරක් නීත්‍යානුකුලව හිමි විය යුතු වැටුප් වර්ධකයට විෂය භාර අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අත්සන් කර අනුමැතිය දී තිබියදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊට ඉඩ නොදී දවස් ගණනාවක් එම වැටුප් වර්ධකය ලබා නොදී අල්ලා ගෙන සිටීමය.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විශේෂයෙන් ඉලක්ක වී තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුණොත් කන්ද උඩරට නියෝජනය කරන දේශපාලන නායකයෙකු ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අගමැති ධූරය හිමි වනු ඇතැයි කියන කාරණය මතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
