අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවීගේ Digital ආර්ථික යෝජනාව සරසවි ප්‍රජාව අගයති

රවීගේ Digital ආර්ථික යෝජනාව සරසවි ප්‍රජාව අගයති

ඒ යෝජනාවෙන් රවීගේ නූතන ගෝලීය දැක්ම පැහැදිලි වුණා රවීට සුදුසු ස්ථානය ලබා දීම රනිල්ගේ වගකීමක් ආර්ථිකය "Digital" කළ යුතු බවට ආසියාවේ හොඳම මුදල් ඇමති සහ රටේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කරන…

ඒ යෝජනාවෙන් රවීගේ නූතන ගෝලීය දැක්ම පැහැදිලි වුණා 

රවීට සුදුසු ස්ථානය ලබා දීම රනිල්ගේ වගකීමක්  

ආර්ථිකය "Digital" කළ යුතු බවට ආසියාවේ හොඳම මුදල් ඇමති සහ රටේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කරන යෝජනාව අතිශය වැදගත් වන අතර ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමින් ඊට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව සරසවි ප්‍රජාව අවධාරණය කර සිටිති.

රවී කරුණානායක මහතා මේ කරන යෝජනාවෙන් පැහැදිලි වන්නේ ඔහු නූතනත්වය අගයන පරිනත ගෝලීය දේශපාලන නායකයෙකු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ,   නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා පැවසීය.

ආර්ථිකය ඇතුළු සියලු අංශ "Digital" කිරීමෙන් රට සහ ජන සමාජය නූතනත්වය කරා රැගෙන යා හැකි බව පෙන්වා දෙන මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා, රවී කරුණානායක මහතා අවධාරණය කර සිටින ආකාරයට එමගින් දූෂණ, වංචා සහ අක්‍රමිකතා නතර කළ හැකි යැයි කියා සිටියි.

දැන්වීම

රටේ උද්ගත වී තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය සහ ජනතාව අන්ත අසරණ වී සිටින තත්ත්වය හමුවේ රවී කරුණානායක මහතා ගෙන ආ මේ යෝජනාව සියලු ප්‍රශ්නවලට විසඳුමක් වනු ඇති අතර එමගින් පැහැදිලි වන්නේ අනෙකුත් දේශපාලන නායකයින්ට සාපේක්ෂව රවී කරුණානායක සතු නූතන ගෝලීය දැක්ම, පරිකල්පනය, අත්දැකීම්, පළපුරුද්ද, ඉලක්ක සහ වැඩ පිළිවෙළ යැයි ද මිල්ටන් රාජරත්න මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව රට ගොඩනගා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩ පිළිවෙළට රවී කරුණානායක මහතා වැනි දැක්මක් ඇති උගත්, බුද්ධිමත්, පළපුරුදු සහ ගෝලීය දේශපාලකයින් සම්බන්ධ කර ගනිමින් ඔවුන් සුදුසු ස්ථානයේ තැබිය යුතු යැයි ද මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රවීගේ Digital ආර්ථික යෝජනාව සරසවි ප්‍රජාව අගයති | Lanka Newsweek