රවීගේ චෝදනාවලට පිළිතුරු දෙන්න මෛත්‍රීට නොහැකි වීම ලැජ්ජයි..!

ජනපති සිහින නොදැක චෝදනාවලට පිළිතුරු දෙනු සියලු චෝදනා සත්‍යයි-මෛත්‍රී ඉවරයි..! තව දුරටත් ජනතාව රවටනු බැහැ මෛත්‍රීගේ හොරකම්වලට එරෙහිව නව සිහළ උරුමයත් පෙරට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සියලු…
ජනපති සිහින නොදැක චෝදනාවලට පිළිතුරු දෙනු
සියලු චෝදනා සත්‍යයි-මෛත්‍රී ඉවරයි..!
තව දුරටත් ජනතාව රවටනු බැහැ
මෛත්‍රීගේ හොරකම්වලට එරෙහිව නව සිහළ උරුමයත් පෙරට

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සියලු සාක්කි-සාධක ඇතිව එල්ල කළ බරපතළ දූෂණ, වංචා සහ අක්‍රමිකතා චෝදනාවලට අදාළව මේ දක්වා රටට-ජනතාවට පිළිතුරු ලබා නොදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ලජ්ජා විය යුතු යැයි නව සිහළ උරමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා අවධාරණය කර සිටියි.
මේ කාරණය සම්බන්ධයෙන් "lankanewsweek" කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් මේ බව කියා සිටී නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියේය.
දැන්වීම
"රවී කරුණානායක මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල කළ හැම චෝදනාවක්ම ඇත්ත. ඔහු ඒ සියලු චෝදනා එල්ල කළේ සාක්කි-සාධක ඇතිවයි. ඇත්තටම මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රෙදි ගැලවිලා ඉවරයි. මේ චෝදනාවලට කරුණු සහිතව පිළිතුරු ලබා දෙමින් සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නොහැකි වීමෙන් එම චෝදනා යළි යළිත් තහවුරු වී තිබෙන බව කිව යුතුයි.
රටේ හිටපු ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස මේ චෝදනාවලට මේ දක්වා පිළිතුරු ලබා නොදෙමින් ඒ චෝදනා මඟ හැර සිටීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ලජ්ජා විය යුතුයි. ඒ අනුව නව සිහළ උරුමය ලෙස අප අවධාරණය කර සිටින්නේ, යළිත් වතාවක් ජනාධිපති පොදු අපේක්ෂකයා වීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආණ්ඩුවක් පිහිටු වීමට සිහින දැකීමට පෙර තමාට එරෙහිව එල්ල වී ඇති මේ බරපතළ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලට මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම පිළිතුරු ලබා දිය යුතු බවයි.
වග කිව යුතු දේශපාලන නායකයෙකු ලෙස මේ චෝදනාවලට පිළිතුරු ලබා දීම වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා කළේ, රවී කරුණානායක මහතා එල්ල කළ එම චෝදනා තමා නොදුටු අතර ඒ පිළිබඳව සොයා බැලිය යුතු යැයි යනුවෙන් ජනමාධ්‍ය හමුවේ පටු ප්‍රකාශයක් කරමින් රට-ජනතාව රවටා එම ප්‍රශ්නයෙන් පැන යාමයි.ඇත්තටම ලැජ්ජයි..! මෛත්‍රීපාල සිරිසේන ඉවරයි."
