රවීගෙන් ජනපතිට උපදෙසක්..!

Custom එක පැය 24 වැඩ කරන තත්වයට ගෙන්න ඕනේ මේක ගෙනියන්න ඕන මාර්ගය මොකක්ද කියන එක පෙන්නන්න අවශ්‍යයි රවී කරුණානායක ආණ්ඩුවට බල කරයි ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මුදල් අමාත්‍ය, එක්සත්…
Custom එක පැය 24 වැඩ කරන තත්වයට ගෙන්න ඕනේ
මේක ගෙනියන්න ඕන මාර්ගය මොකක්ද කියන එක පෙන්නන්න අවශ්‍යයි
රවී කරුණානායක ආණ්ඩුවට බල කරයි
ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පැය 24 සංකල්පය රටක් ඉදිරියට යාමෙදී අත්‍යාවශ්‍ය බවයි. එම අවස්ථාවෙදී අද පවතින වරාය ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය මාර්ගය පැහැදිලි කළ ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙලෙසද ප්‍රකාශ කරන ලදී.
මට සුපුරුදු පරිදිම අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රට වඩා හොඳ තැනකට ගෙනියන්නේ කොහොමද කියන එක බලන එකයි. ඉතිං මං හිතන්නේ අත්දැකීම් තුළ ඒ වෙනුවෙන් මොකක්ද කරන්න පුළුවන් කියන එක පිළිබඳව දැනුවත් කිරීම මේ මොහොතේ ඉතා වැදගත් කියලයි. මං එදත් කිව්වා අද වෙනකොට මේ රටේ අපනයනය සඳහා ප්‍රශ්න, ප්‍රති අපනයනය කරුවන්ට ප්‍රශ්න, ආනයනය කිරීමේ ප්‍රශ්න තිබෙනවා. මේකෙන් අද රටට එන දේ පරක්කු වීමෙන් ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි අලුත් ආකාරයකින් මේවට කටයුතු කරන්න ඕනේ.
මට මතකයි මම මුදල් ඇමති වශයෙන් කටයුතු කරන කාලයේ අපි පුළුවන් තරම් බැලුවා මේ Customs, ඒ කියන්නේ අපේ Clearance එක පුළුවන් තරම් පැය 24 ම වැඩ කරන තත්ත්වයකට ගෙන එන්න, ඒ නිසා මං නැවත මතක් කරන්නේ මේ තමයි හොඳම වෙලාව මේ වැඩේ කරන්න තියෙන. අපේ මිත්‍රශීලී රටවල්, අපේ ආසන්නයේ තියෙන රටවල් ඔක්කොම මැලේසියාව, සිංගප්පූරුව, ඩුබායි එක පැත්තකින් ඔක්කොම පැය 24 සංකල්පය ගෙනියනකොට, ඊට වැඩිය හොඳ භූගෝලීය පිහිටීම අතින් වැදගත් තැනක තියෙන ශ්‍රී ලංකාවට මේක තමයි හොඳම අවස්ථාව මේ පැය 24 සංකල්පය ගේන්න.
දැන්වීම
ඉතින් අපි ආණ්ඩුවට මතක් කරනවා කරුණාකරලා මේ සංකල්පය ගෙනල්ල, අපි කෘතිමව ඇති කරලා තියෙන මේ ප්‍රශ්නයට නිවැරදි අවංක උත්තරයක් ලබා දෙන්න අවශ්‍ය යි කියල.
මේකෙදි අපේ රජයේ නිලධාරීන්, රේගුවේ නිලධාරීන් ඔක්කොම දක්ෂයෝ ඉන්නවා. හැබැයි මේගොල්ලොන්ට මේක ගෙනියන්න ඕන මාර්ගය මොකක්ද කියන එක පෙන්නන්න අවශ්‍යයි. ඉතින් මේ පැය 24 සංකල්පය තුළ වැඩ කරන්න ඕනෙ මෙහෙමයි. මේකෙ Pre clearence, ඒ කියන්නේ සාමාන්‍යයෙන් රටට එන්න ඉස්සෙල්ලා Clear කරන්න අවස්ථාවක් හදන්න ඕනේ. ඊට පස්සේ ඒකෙ Post valid එක තුළින් රැකවරණයක් ලබාගන්න පුළුවන් ගමන තියෙනවා. ඉතින් මං ඉතාම ඕනෑකමින් ආණ්ඩුවට මතක් කරනවා මෙවැනි දේවල් ඇති කරලා ඉදිරියට ගෙනියන්න ඕනි කියලා.
ඒ වගේම මේ වගේ අවස්ථාවක, අද මෙහේ Container එකක් Clear කරන්න රු 150,000ක් විතර යනවා. මොකද දවස් 8-10ක් සමහර වෙලාවට තියෙනවා. එතකොට ඒ සේවක පිරිස ලොරිවල නිකං රස්තියාදු වෙනවා. ඒ කියන්නේ ඒක නිකන් අමතර පිරිවැයක්. ඉතින් ඒ නිසා මේ අවශ්‍යතාවය අනුව සමහර විට අපි අලුතින් දේවල් හදන්න ඉස්සෙල්ලා යම් වියදමක් ගියත් මේවා හම්බන්තොට ගෙනියලා එතනින් Clear කරන්න අවස්ථාවක් ඇති කරන්න පුළුවන්. මොකද මෙතන කොළඹ කේන්ද්‍රස්ථානය වෙලා තියෙන්නේ නැව් ඔක්කොම එන්නේ කොළඹට නිසා. හැබැයි මෙතන ඉඳන් අද වෙද්දි අධිවේගී මාර්ග තියෙනවා. ඒ වගේම එහේ Container නවත්තන්න පුළුවන් හැකියාවක් ඇතිවෙලා තියෙන නිසා මං යෝජනා කරනවා ආණ්ඩුවට මේ දේ කරන්න කියලා. කරන්න බැරිකමක් නෑ. මං පිළිගන්නවා මෙතන වියදමක් තියෙනවා කියලා. හැබැයි අද මේ වෙද්දි වෙලා තියෙන තත්ත්වය එක්ක තියෙන වියදමට වඩා අඩුවට සමහරවිට මේ දේ කරන්න පුළුවන් කියලා මම මේ අවස්ථාවේදී මතක් කරනවා.