අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රමේෂ් වරල්ලේගම "රිවිර" ප්‍රධාන කර්තෘ ධූරයට..!

රමේෂ් වරල්ලේගම "රිවිර" ප්‍රධාන කර්තෘ ධූරයට..!

තරුණ සහ දක්ෂ මාධ්‍යවේදියකු වන රමේෂ් වරල්ලේගම මහතා “රිවිර” දිනපතා සහ ඉරිදා පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා ලෙස පත් කරනු ලැබ සිටියි. “රිවිර මීඩියා කෝපරේෂන්” පුද්ගලික සමාගමේ නව කළමනාකාරිත්වය විසින් රමේෂ්…

තරුණ සහ දක්ෂ මාධ්‍යවේදියකු වන රමේෂ් වරල්ලේගම මහතා “රිවිර” දිනපතා සහ ඉරිදා පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා ලෙස පත් කරනු ලැබ සිටියි.

“රිවිර මීඩියා කෝපරේෂන්” පුද්ගලික සමාගමේ නව කළමනාකාරිත්වය විසින් රමේෂ් වරල්ලේගම මහතා මේ ධූරයට පත් කරනු ලැබ තිබෙන්නේ  සාධාරණ,අපක්ෂපාතී සහ මධ්‍යස්ථ වූ නව ආරක පුවත්පතක් ලෙස “රිවිර” යළි ගොඩනැගීමේ සැලසුම ඇතිවය.

සුමති සමාගම මගින් ප්‍රකාශයට පත් කෙරෙන “ලක්බිම” පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ රමේෂ් වරල්ලේගම මහතා ගාල්ල මහින්ද විද්‍යාලීය ආදී ශිෂ්‍යකු වන අතර එම විද්‍යාලයේ ආදී මහින්දීය ජනමාධ්‍ය කවයේ ප්‍රධානියකු ද වේ.

දැන්වීම

තරුණ මාධ්‍යවේදියකු ලෙස රමේෂ් වරල්ලේගම මහතා යුද සමයේදී "ලක්බිම පුවත්පත"වෙනුවෙන්  උතුරු නැගෙනහිර ක්‍රියාන්විත ප්‍රදේශවල යුද වාර්තාකරණයේ යෙදෙමින් විශාල  මාධ්‍ය මෙහෙවරක යෙදිණ.

පසු කලකදී “ලීඩර් හෝල්ඩින්ග්ස්” පුද්ගලික සමාගම මගින් ප්‍රකාශයට පත් කෙරුණු “ඉරුදින” පුවත්පතේ ප්‍රවෘති කර්තෘවරයා ලෙස පත් වූ රමේෂ් වරල්ලේගම මහතා අනතුරුව "ඉන්ටර් ග්‍රේඩර්" සමාගම ප්‍රකාශයට පත් කළ  “ජනයුගය” පුවත්පතේ ප්‍රවෘති කර්තෘවරයා ලෙස ද කලක් සේවය කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රමේෂ් වරල්ලේගම "රිවිර" ප්‍රධාන කර්තෘ ධූරයට..! | Lanka Newsweek