අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් සිය බහුතරය නමින්ම පෙන්වයි-මෛත්‍රී කපෝතියි-මහින්ද අනාථයි..!

රනිල් සිය බහුතරය නමින්ම පෙන්වයි-මෛත්‍රී කපෝතියි-මහින්ද අනාථයි..!

රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නැයි මන්ත්‍රීන් 117ක් එක හඬින් කියති..! “මෛත්‍රී-මහින්ද” හවුල හය වැනි වතාවටත් පරාදයි..! “මාතෘ භුමියේ නාමයෙන් රනිල් වික්‍රමසිංහ අගමැති කරනු” (සුජිත් මංගල ද සිල්වා)…

රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නැයි මන්ත්‍රීන් 117ක් එක හඬින් කියති..!

“මෛත්‍රී-මහින්ද” හවුල හය වැනි වතාවටත් පරාදයි..!

“මාතෘ භුමියේ නාමයෙන් රනිල් වික්‍රමසිංහ අගමැති කරනු”

රනිල් සිය බහුතරය නමින්ම පෙන්වයි-මෛත්‍රී කපෝතියි-මහින්ද අනාථයි..!

(සුජිත් මංගල ද සිල්වා)

පාර්ලිමේන්තුවේ උපරිමයේ විශ්වාසය දිනා ගෙන සිටින එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ඔහු අග්‍රාමාත්‍ය ධූරයට වහාම පත් කළ යුතු බවට පර්ලිම්නේතුවට ඉදිරිපත් කෙරුණු යෝජනාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 117ක බහුතරයකින් සභා සම්මත විය.

මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රධාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් නොමැති බව අද (12) හය වැනි වතාවටත් යළිත් තහවුරු විය.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනා ගෙන සිටින නිසා අග්‍රාමාත්‍ය ධූරයට ඔහු වහාම පත් කළ යුතු බවට වන මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වන අතර මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එම යෝජනාව ස්ථිර කළේය.

ජනතා විමුක්ති පෙරමුණ මේ යෝජනාවට අදාළව පක්ෂව ඡන්දය ලබාදීමෙන් වැළකී සිටී අතර ද්‍රවිඩ ජාතික සන්ධානය කොන්දේසි සහිතව ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත්,ඒකාබද්ධ විපක්ෂයේත් සියලු මන්ත්‍රීවරුන් සුපුරුදු පරිදි අදත් (12) පාර්ලිමේන්තුව වර්ජනය කළේය.

මේ යෝජනාව ඉදිරිපත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය සතු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණට වන නිසා මාතෘ භුමියේ නාමයෙන් ඔහු වහාම අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන ලෙසය.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු බහුතරයේ ස්ථාවරය පිළි ගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍ය ධූරයෙන් යුතු නීත්‍යානුකුල ආණ්ඩුව යළි පිහිටුවා රට ආර්ථික,සමාජීය,දේශපාලනික සහ අන්තර් ජාතික වශයෙන් ඇද වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු අතර එසේ නොවුණහොත් 2019 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක,විශ්‍රාමික සහ සමෘද්ධි ඇතුළු සේවක වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවය.

 රනිල් සිය බහුතරය නමින්ම පෙන්වයි-මෛත්‍රී කපෝතියි-මහින්ද අනාථයි..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රනිල් සිය බහුතරය නමින්ම පෙන්වයි-මෛත්‍රී කපෝතියි-මහින්ද අනාථයි..! | Lanka Newsweek