අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්-සජිත් කරූට පාස් කළ බෝලය කරූ ඒ ඩබලටම පාස් කරයි

රනිල්-සජිත් කරූට පාස් කළ බෝලය කරූ ඒ ඩබලටම පාස් කරයි

විපක්ෂනායකයා ගැන තීන්දුව ගත යුත්තේ විපක්ෂයම බව දැනුම් දෙයි සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායකකම දෙන්නැයි මන්ත්‍රීන් 57ක් අත්සන් කරලා විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් පරස්පර මත වාද දෙකක් මේ වන විට ඉදිරිපත්ව ඇති…

විපක්ෂනායකයා ගැන තීන්දුව ගත යුත්තේ විපක්ෂයම බව දැනුම් දෙයි 

සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායකකම දෙන්නැයි මන්ත්‍රීන් 57ක් අත්සන් කරලා 


විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් පරස්පර මත වාද දෙකක් මේ වන විට ඉදිරිපත්ව ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සාකච්ඡා කොට පැමිණෙන අවසන් එකඟතාවය කතානායක කරු ජයසූරිය මහතා වෙත නිල වශයෙන් කරන දැනුම්දීමට අනුව විපක්ෂනායකවරයා කවුරුන්ද යන්න පිළිබඳව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී ඔහු ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව පමණක්  විපක්ෂ නායක ධූරය නිල වශයෙන් බලාත්මක වනු ඇතැයි කතානායක කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනය මෙසේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික  පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් පෙර දින (2019.11.27) පස්වරුවේ කථානායකතුමන් වෙත භාර දෙනු ලැබිණි.

දැන්වීම

එම මන්ත්‍රීවරුන් විසින් කර ඇති ඉල්ලීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගේ අවධානය යොමු කරවන ලද ලිපියක්, ආදාළ අත්සන් 57 සහිත ලිපියේ පිටපතක්ද සමඟ මේ වන විට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත  කථානායක කාර්යාලය මඟින්  යොමු කර ඇත.

එමඟින් කථානායකවරයා දන්වා ඇත්තේ ඉහත කී මන්ත්‍රීවරු 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳවද  අවධානය යොමු කොට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නිල වශයෙන් තමා වෙත දැනුම් දෙන ලෙසයි.

මේ වන වි‍ට විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා කොට අවසන් එකඟතාවයකට පැමිණ ගනු ලබන තීරණය තමා වෙත  නිල වශයෙන් දැනුම් දුන් පසුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය පරිදි ගරු කථානායකතුමා විසින් ඒ පිළිබඳව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව පමණක්  විපක්ෂ නායක ධුරය නිල වශයෙන් බලාත්මක වනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල්-සජිත් කරූට පාස් කළ බෝලය කරූ ඒ ඩබලටම පාස් කරයි | Lanka Newsweek