අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් විනාශ කළ සමන් අතාවුද සජිත් වනසන කුමන්ත්‍රණය අරඹයි

රනිල් විනාශ කළ සමන් අතාවුද සජිත් වනසන කුමන්ත්‍රණය අරඹයි

රනිල් හරහා සජිත්ගෙන් විපක්ෂ නායක මධ්‍ය ලේකම්කම හිඟා කයි "සමන් අතාවුද කියන්නේ දේශපාලන පිළිලයක්" "රනිල් වික්‍රමසිංහගේ බළල් අතක්" (සුජිත් මංගල ද සිල්වා) විපක්ෂ නායක මාධ්‍ය ලේකම්වරයා ලෙස සිය මාධ්‍ය…

රනිල් හරහා සජිත්ගෙන් විපක්ෂ නායක මධ්‍ය ලේකම්කම හිඟා කයි

"සමන් අතාවුද කියන්නේ දේශපාලන පිළිලයක්"

"රනිල් වික්‍රමසිංහගේ බළල් අතක්" 

රනිල් විනාශ කළ සමන් අතාවුද සජිත් වනසන කුමන්ත්‍රණය අරඹයි

(සුජිත් මංගල ද සිල්වා)   


විපක්ෂ නායක මාධ්‍ය ලේකම්වරයා ලෙස සිය මාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කරන සමන් අතාවුදහෙට්ටි මහතා පත් කර ගන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබේ.

මේ කාරණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති සජිත් ප්‍රේමදාස මහතා,රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ දැනුම්දීමට අදාළව සමන් අතාවුදහෙට්ටි මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සහ ප්‍රබල ක්‍රියාකාරීන්ගෙන් කරුණු විමසා තිබේ.

එහිදී එම ජ්‍යෙෂ්ඨයින් සහ ප්‍රබල ක්‍රියාකාරීන් සජිත් ප්‍රේමදාස මහතා හමුවේ අවධාරණය කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ ද විනාශයට වග කිව යුත්තන් අතර ප්‍රධාන චූදිතයෙකුව සිටින සමන් අතාවුදහෙට්ටි මහතා වෙත විපක්ෂ නායක මාධ්‍ය ලේකම් ධූරය ලබා දී ඔහු ළං කර ගැනීමෙන් වැළකී සිටින ලෙසය.

දැන්වීම

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනයකවරයාව සිටියදී ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ක්‍රියා කරමින් සමන් අතාවුදහෙට්ටි මහතා කළේ සිය නායකයා,එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂය වෙනුවෙන් ජන මාධ්‍ය මෙහෙවරක් සිදු කිරීම නොව පොත්පත් ලියමින් ද,ශ්‍රී ලංකා මහා බෝධි සමාගම අල්ලා ගෙන ජපානය,චීනය සහ ඉන්දියාව ඇතුළු රටරවල සංචාරය කරමින් ද,වෙළඳ දැන්වීම් සඳහා හඬ කවමින් ද,පක්ෂයේ සියලුම ප්‍රචාරක ව්‍යපෘති ආක්‍රමණය කරමින් ඒ සියල්ල සියතට ගනිමින් ද සල්ලි හම්බ කිරීම පමණකැයි ඒ පිරිස සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී තිබේ.

සියලු ජන මධ්‍ය එක්සත් ජාතික පක්ෂයෙන් සහ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඈත් වීමට සමන් අතාවුදහෙට්ටි මහතාගේ ක්‍රියාකලාපය ඍජුව බලපෑ බවත් ඔහු සිය පොත්පත් ලිවීම,සමරු උත්සව ඇතුළු විවිධ උත්සව සංවිධානය කිරීම සහ ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ රාජකාරි  ඇතුළු පෞද්ගලික ව්‍යාපාරික වැඩ කටයුතු සඳහා විපක්ෂ නායක කාර්යාලයේ භෞතික සහ මානව සම්පත් අව භාවිතා කළ බවත් පෙන්වා දී ඇතී එම ජ්‍යෙෂ්ඨයින් සහ ප්‍රබල ක්‍රියාකාරීන් සමන් අතාවුදහෙට්ටි කියන්නේ රනිල් වික්‍රමසිංහගේ බළල් අතක් වන අතර දේශපාලන වශයෙන් පිළිලයක් බවත් අවධාරණය කර ඇත.

සමන් අතාවුදහෙට්ටි මහතාගේ ඉල්ලීමට අනුව රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට මේ දැනුම්දීම කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහිලාල් එම් සෙනෙවිරත්න විපක්ෂ නායක මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්වීම වළක්වාලීමේ අරමුණින් ද වන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසීය.

මහිලාල් එම් සෙනෙවිරත්න යනු කලක් රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියාව සිට පසුව ඔහුගේ දේශපාලන භාවිතයට,මතවාදයට සහ ක්‍රියාකලාපයට ද,සමන් අතාවුදහෙට්ටි මහතාගේ අත්තනෝමතික,දූෂිත,අවස්ථාවාදී සේම ආත්මාර්තකාමී ක්‍රියාකලාපයට ද,එරෙහිව සජිත් ප්‍රේමදාස මහතාට එක්වී ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස දැනටත් ක්‍රියා කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන අතර ඔහු "සියරට" පත්‍රයේ ආරම්භක ප්‍රධාන කතුවරයෙකු ද වේ.

නව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වටා සිය එහෙයියන් සහ කුමන්ත්‍රණකරුවන් ස්ථාන ගත කර ඒ හරහා ඔහුගේ දේශපාලන තොරතුරු,සැලසුම්,වැඩසටහන්,උපාය උපක්‍රම සහ ඉලක්ක ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ උත්සහ කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට සිතා ගැනීමටවත් නොහැකි වන අයුරින් ඔහු දේශපාලන වශයෙන් විනාශ කිරීමට බව ද එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රනිල් විනාශ කළ සමන් අතාවුද සජිත් වනසන කුමන්ත්‍රණය අරඹයි | Lanka Newsweek