අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් විකුණා අර්ජුනට කෙළින රුවන්ගේ අසූචි දේශපාලනය

රනිල් විකුණා අර්ජුනට කෙළින රුවන්ගේ අසූචි දේශපාලනය

අර්ජුනට නොදී රුවන්ට විතරක් මනාප දෙන්නැයි රනිල් කිව්වාලු ගම්පහින් එජාපයට එකයිලු-ඒ අවස්ථාව රුවන්ට දෙන්නලු ලෝක පූජිත රණතුංගලාගෙයි-සුද්දන්ගේ අසූචී ඇද්ද විජයවර්ධනලාගෙයි ගල උඩ සටන මෙන්න (සුජිත් මංගල ද…

අර්ජුනට නොදී රුවන්ට විතරක් මනාප දෙන්නැයි රනිල් කිව්වාලු

ගම්පහින් එජාපයට එකයිලු-ඒ අවස්ථාව රුවන්ට දෙන්නලු 

ලෝක පූජිත රණතුංගලාගෙයි-සුද්දන්ගේ අසූචී ඇද්ද විජයවර්ධනලාගෙයි ගල උඩ සටන මෙන්න  

රනිල් විකුණා අර්ජුනට කෙළින රුවන්ගේ අසූචි දේශපාලනය

(සුජිත් මංගල ද සිල්වා) 

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතා මහා මැතිවරණයෙන් කෙසේ හෝ පරාජය කර ඒ අවස්ථාවාවෙන් තමා පාර්ලිමේන්තුවට තේරී පත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් රුවන් විජයවර්ධන මහතා ගම්පහ දිස්ත්‍රික්කය පුරා අතිශය පහත් දේශපාලන මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ මහා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට දිනා ගත හැකි වනු ඇත්තේ එක මන්ත්‍රී ආසනයක් පමණක් වන නිසා අර්ජුන රණතුංග මහතාට මනාප ලබා නොදී රුවන් විජයවර්ධන මහතාට පමණක් මනාප ලකුණු කර ඒ අවස්ථාව ඔහුට ලබා දෙන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ඉල්ලීමක් කරන බව රුවන් විජයවර්ධන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරු ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින් වෙත මේ වන විට දැනුම් දෙමින් සිටිති.  

දැන්වීම

මේ අතර තමා සහභාගී වන කිසිදු ප්‍රචාරක රැළියක් සඳහා අර්ජුන රණතුංග මහතාට ආරාධනා කිරීමෙන් වැළකී සිටින ලෙසට සිය කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇති රුවන් විජයවර්ධන මහතා, අරජුන රණතුංග මහතා හැරුණු කොට තමාට අභියෝහයක් වී සිටින එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රිය සහ දක්ෂ අපේක්ෂකයෙකු වන වරුණ රාජපක්ෂ මහතාට එරෙහිව ද අතිශය පහත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ද නම පාවිච්චි කරමින් රුවන් විජයවර්ධන මහතා ක්‍රියාත්මක කරන මේ අතිශය පහත් දේශපාලන මෙහෙයුම ගැන තොරතුරු අර්ජුන රණතුංග මහතා වෙත මේ වන විටත් ලැබී තිබෙන අතර ඔහු ඒ සම්බන්ධයෙන් විවිධ ක්‍රියා මාර්ග ඔස්සේ සිය බලවත් අප්‍රසාදය, විරෝධය සහ කණගාටුව පළ කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින් අතර අතිශය පිළිකුලට, පිරිහීමට සහ විරෝධයට ලක් වී සිටින රුවන් විජයවර්ධන මහතා මෙවර මහා මැතිවරණයෙන් නියත ලෙස පරාජය වනු ඇති බව ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් "lankanesweek" සමග සාක්කි සාධක ඇතිව අවධාරණය කර සිටියහ.

එම එක්සත් ජාතික පාක්ෂිකයින් සමග සම්මුඛ වෙමින් රුවන් විජයවර්ධන මහතාගේ දේශපාලන ඉරණම සම්බන්ධයෙන් "lankanewsweek" සොයා ගත් තොරතුරුවලට අදාළ ප්‍රවෘත්තිය "රුවන් අනාථයි-ජනතා විරෝධය උග්‍රයි-හේතු මෙන්න" යන ශීර්ෂය යටතේ අප 2020.07.11 වැනිදා හෙළිදරව් කළ අතර එම ප්‍රවෘත්තිය මෙසේය. 

රනිල් විකුණා අර්ජුනට කෙළින රුවන්ගේ අසූචි දේශපාලනය

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රනිල් විකුණා අර්ජුනට කෙළින රුවන්ගේ අසූචි දේශපාලනය | Lanka Newsweek