අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් වික්‍රමසිංහ ප්‍රාන ඇප කාරයෙක් වෙලා - රවී කරුණානායක

රනිල් වික්‍රමසිංහ ප්‍රාන ඇප කාරයෙක් වෙලා - රවී කරුණානායක

2028 ඉදලා අපිට නය ගෙවන්න පටන් ගන්න තියෙනවා පැරිස් ක්ලබ් වලටත් ගෙවන්න ඕන අපිට අපනයන වලින් තමයි ජාත්ත්‍යන්තර මුල්‍ය අරමුදලේ න් ඉල්ලනවා අපනයට උදව් කරන්න කියාලා කාර් ආනයන කරන්න කියලා කියන වෙලාවේ, අපනයනය…

2028 ඉදලා අපිට නය ගෙවන්න පටන් ගන්න තියෙනවා

පැරිස් ක්ලබ් වලටත් ගෙවන්න ඕන

අපිට අපනයන වලින් තමයි

ජාත්ත්‍යන්තර මුල්‍ය අරමුදලේ න් ඉල්ලනවා අපනයට උදව් කරන්න කියාලා

කාර් ආනයන කරන්න කියලා කියන වෙලාවේ, අපනයනය කරන්න කියලා කියන්න

වැට් එක නිසා අපනයන කරන්න බැරිවෙලා තියෙනවා


සීයට18ක් ගහලා තියෙනවා

එක්සත් ජාතික පක්ෂ උපනායක සහ හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කලේ තමා කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමට කටයුතු කරන බවයි. එහිදී වැඩි දුරටත් අදහස් දක්වූ ඒ මහතා මෙලෙසද ප්‍රකශ කරන ලදී.

ජාත්ත්‍යන්තර මුල්‍ය අරමුදල ආන්ඩුවත් එක්ක ගිවිසුම් අත්සන් කරනකොට කියලා තිබුනා රාජ්‍ය ආයතන වියදමට සරිලන ලෙස විකුනන මිල තිබිය යුතුයි කියලා. දැන් ජාත්ත්‍යන්තර මුල්‍ය අරමුදල අහනවා විදුලිබිල අඩු කලේ ඇයි කියලා. දැන් වැඩි කරන්න හදනව. වියදම අඩු කරන්න. මේක නිවරැදි කරන්න කියලා ආන්ඩූවෙන් ඉල්ලනවා. දේශපාලන අවශ්‍යතාවය නිසා කලා කියන එකයි ජනතාව අතර තියෙන්නේ.

අපිට තාම ආර්තික යුද්දය නතර කරන්න බැරි වෙලා තියෙනවා. කම්පැනි වහනවා .විදුලි බල මන්ඩලය වගේ තමයි වියදමට සරිලන ලෙස ආදායම නැති නිසා.මේකට වගකීම ගන්න ඕන ජාත්ත්‍යන්තර මුල්‍ය අරමුදල ,දරා ගන්න බැරි තරමට බදු ගහපු එක. ශල්‍යකර්ම ය සාර්තක වුනාට ජීවීතය රැක ගන්න ඕන.

දැන්වීම

එකසත් ජාතික පක්ෂය කාලේ කරපු වැරැද්දක් තමයි රාජ්‍ය නිලදාරින්ට නිදහසේ වැඩ කරන්න දීපු නැති එක. මේ රජයත් ඒක කරනවා. ආන්ඩුවක් වැටෙන්න හේතුව

කොතලාවල ආරක්ෂක විද්‍යලයේ සෞඛ්‍ය සේවාව යට ගන්න එක. නිවරැදි ක්‍රමයට ශිෂ්‍යයන් ට ඉගෙන ගන්න දෙන්න.නැත්නම් වෙනරට වලට ගිහින් ඉගෙන ගන්නවා.

මේ අවස්තාවේ ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතුයි. අගිලි දික් කරන එක නෙමෙයි කරන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකයා හැටියට හිටියට භූතයෝ දෙන්නෙක් නිසා එක්සත් ජාතික පක්ෂය බෙදිලා තියෙන්නේ.

නවීන්ලා මනූෂලට කොන්ද පන නැද්ද කියලා අහනවා. දෙන්නෙක්ගේ රැකවරනය දෙන්න ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය නැති කරන්න එපා. මම අන්තිම වතාවට ආයචනය කරන්නේ පක්ෂ දෙකටම එකට වැඩ කරන්න පුලුවන්. භූතයෝ දෙන්නා පක්ෂයේ නැති අයව අරගෙන.

මේ දෙන්නා නැතිව පක්ෂය ඉදිරියට ගෙනියන්න බැරිද..? රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලනවා එකට වැඩ කරන්න පුලුවන් තත්වය ඇති කරන්න. මනුෂ භාවයකින් යුක්තව ඉදිරියට ගෙනියන්න ඕන

මාව මන්ත්‍රී වශයෙන් පත් වුනාට පස්සෙත් අපිව තීන්දු තීරන වලට ගන්නේ නැහැ. එකමුතුවක් ඇති කරන්න දෙන්නේ නැත්තේ මේ භූතයෝ දෙන්නා. රනිල් වික්‍රමසිංහ ප්‍රාන ඇප කාරයෙක් වෙලා තියෙනවා මේ දෙන්නා තුල.

මගේ තනතුරු නැතිවුනත් මේ පක්ෂ දෙක එකතු කරනවා. එකතුවෙන්න භාදා කරන්නේ මේ දෙන්නා විතරමයි. ඉවත් කරලා හරි කරන්න ඕන

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න