අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනෙට්ටුව සක්‍රීයයි...!

ඒ රනිල් කෝ..?

පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයයි කතානායකගේ ස්වාධීනත්වයයි අධිකරණය තහවුරු කළා..! අභියාචනාධිකරණය තීන්දුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය ඔප්පු වුණා..! 2015 ජනවාරි 08 ජනතා ජයග්‍රහණය යළි තහවුරු කෙරුණා..! (සුජිත්…

පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයයි කතානායකගේ ස්වාධීනත්වයයි අධිකරණය තහවුරු කළා..!

අභියාචනාධිකරණය තීන්දුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය ඔප්පු වුණා..!

2015 ජනවාරි 08 ජනතා ජයග්‍රහණය යළි තහවුරු කෙරුණා..!

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනෙට්ටුව සක්‍රීයයි...!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම අත් හිටු වමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය සහ කතානායකවරයාගේ ස්වාධීනත්වය තහවුරු වුණා යැයි ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක මහතා “lankanewsweek” සමග පැවසීය.

මේ තීන්දුවෙන් ගම්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහ  අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය යළි සක්‍රීය වන බව යැයි ද ලාල් විජේනායක මහතා පෙන්වා දුන්නේය.

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක මහතා මේ බව සඳහන් කළේ මහින්ද රාජපක්ෂට අගමැති ධුරයේ කටයුතු කිරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම බල රහිත කිරීමේ “කෝ වොරෝන්ටෝ”ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම සලකා බලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම අත් හිටු වමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් “lankanewsweek” කළ විමසුමට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල් විජේනායක මහතා මෙසේ ද කිය.

“රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කොට මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා පත් කරමින් පසුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් පාර්ලිමේන්තුව ද විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පුර්ණයෙන්ම විරුද්ධ බව කිව යුතුයි.

එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 122ක බහුතරයක් ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාදාමයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ මේ පෙත්සම ගොනු කළේ ඒ නිසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ හෙයින් එම ගැසට් පත්‍රය අවලංගු කරන ලෙසට ඉල්ලා එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පෙත්සම්කරුවන් විශාල පිරිසක් ගොනු කළ මූලික අයිතවාසිකම් පෙත්සම සලකා  බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ද ජනාධිපතිවරයාගේ එම  අති විශේෂ ගැසට් පත්‍රය අත් හිටු වමින් ඊට අදාළව අතුරු තහනම් නියෝගයක් මීට පෙර නිකුත් කළ අතර  නොවැම්බර් මස  14 වැනිදා  කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව යළි කැඳ වනු ලැබුවේ ඒ අනුවයි.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කණ්ඩායමට පාර්ලිමේන්තුවේ 113ක බහුතරය නොමැති බව එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන දේශපාලන පක්ෂ ඔහුට එරෙහිව විශ්වාස භංග ඇතුළු විවිධ යෝජනා මන්ත්‍රීවරුන් 123ක බහුතරයකින් සම්මත කරමින් හය වතාවක්ම එම කණ්ඩායම පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කළා.

එසේ තිබියදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කණ්ඩායම කළේ පාර්ලිමේන්තුව වර්ජනය කරමින්ද, පාර්ලිමේන්තුවේ ගැටුම් ඇති කරමින්ද පාර්ලිමේන්තු වැඩ කටයුතු අවුල් කරමින්ද පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව ඒකාධිපති ලෙස රටේ පාලනය ඉදිරියට ගෙන යාමයි.

අභියාචනාධිකරණය ලබා දුන් මේ තීන්දුවෙන් 2015 ජනවාරි 08 ජනතා ජයග්‍රහණය යළි තහවුරු කෙරුණා. අධිකරණයට මෙසේ නොබියව, ස්වාධීනව සහ අපක්ෂපාතීව ක්‍රියා කළ හැකිව තිබෙන්නේ එම ජනවරමට අනුව සම්මත කෙරුණු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා නීතියේ ආධිපත්‍ය තහවුරු කර තිබෙන නිසයි.

මව් තීන්දුව අනුව පාර්ලිමේන්තුව රැස් වන ඊළඟ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය අසුනේද, ඒ ඒ ඇමතිවරුන්ට නියෝජ්‍ය ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ට ඒ ඒ අසුන්වලද අසුන් ගැනීමටවත් හැකියාවක් ඇත්තේ නැහැ.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙසද, ඒ ඒ ඇමතිවරුන්ට නියෝජ්‍ය ඇමතිවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට එම ධූර ප්‍රකාරව නියෝග ලබා දීමට ද එම ධූර නාමයන් යටතේ කිසිවකට අත්සන් තැබීමට ද, අග්‍රාමාත්‍ය කාර්යාලයට වගේම ඒ ඒ අමාත්‍යංශවලට ඇතුළුවී ක්‍රියා කිරීමට ද හැකියාවක් ඇත්තේ නැහැ.

එපමණක් නොව මේ තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය අග්‍රාමාත්‍ය ධූරය ද, ඒ ඒ අමාත්‍ය ධූර , නියෝජ්‍ය අමාත්‍ය ධූර සහ රාජ්‍ය අමාත්‍ය ධූර දැරුවේ කිනම් නීතිමය පදනමක් යටතේ ද යන්න පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කණ්ඩායමේ වග උත්තර විමසිමින් ඒ අයට එරෙහිව නොතීසි ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ පෙත්සම් යළි විභාගයට ගැනෙන දෙසැම්බර් මස 12 වැනි ද මහින්ද රාජපක්ෂ ප්‍රධාන කණඩායම අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටිමින් ඒ සම්බන්ධයෙන් වග උත්තර බැඳිය යුතුව තිබෙනවා.     

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනෙට්ටුව සක්‍රීයයි...!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනෙට්ටුව සක්‍රීයයි...! | Lanka Newsweek