අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් වික්‍රමසිංහට අගමැතිකම නොදෙන බව ජනපති යළිත් අවධාරණය කරයි..!

පාර්ලිමේන්තුවේ 113ක බහුතරය දිවුරුම් ප්‍රකාශ මඟින් ඔප්පු කිරීමට එජාපය සුදානම් ..!

“ඔහු අගමැතිකමෙන් පහ කළේ දුෂිතයෙක් නිසයි” ජනපති විදේශ මාධ්‍ය හමුවේ කරුණු පහදයි..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණ ද රනිල් වික්‍රමසිංහ මහතා කවදාවත් යළි අගමැති…

“ඔහු අගමැතිකමෙන් පහ කළේ දුෂිතයෙක් නිසයි”

ජනපති විදේශ මාධ්‍ය හමුවේ කරුණු පහදයි..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණ ද රනිල් වික්‍රමසිංහ මහතා කවදාවත් යළි අගමැති ධූරයට පත් නොකරන බව තමා පැහැදිළිව එම පක්ෂයයට දැනුම් දී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) විදෙස් මාධ්‍ය ආයතන කීපයක මෙරට වාර්තාකරුවන් අමතමින් අවධාරණය කර ඇත.

ප්‍රංශ පුවත් සේවය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබෙන්නේ සිය  ජීවිත කාලයේදී නම් තමා රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අගමැති ධූරයට පත් කිරීමට ක්‍රියා නොකරන බව  ජානධිපතිවරයා අවධාරණය කළේ යැයි කියාය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් වහාම පහ කළේ ඔහු  ඉතාම දුෂිත නායකයෙකුවීම හේතුවෙන් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ප්‍රංශ පුවත් සේවය සමග තරයේ කියා ඇත.

පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන තනි විශාලතම දේශපාලන  පක්ෂයේ නායකයා අගමැති ධුරයට පත් කළ යුතු නොවේ දැයි ප්‍රංශ පුවත් සේවයේ  මාධ්‍යවේදීන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින්  ඔහු කියා ඇත්තේ තමා සම්ප්‍රදාය අනුව එහිදී කටයුතු කරන බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල් වික්‍රමසිංහට අගමැතිකම නොදෙන බව ජනපති යළිත් අවධාරණය කරයි..! | Lanka Newsweek