අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්-වජිර යනු මහින්දගේ ඔඩොක්කු කුක්කෝය

රනිල්-වජිර යනු මහින්දගේ ඔඩොක්කු කුක්කෝය

නාමල්ගේ අනාගතය තහවුරු කිරීම රනිල්ගෙයි-වජිරගෙයි අරමුණයි ගංගාරාමයට නොයා රනිල් අභයරමයට ගිය හේතුව මෙන්න..! වජිර අභයාරාමයේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත් වන්නේ සිරිකොතේ ඉඩ නැති නිසා ද..? රනිල්ගෙයි-වජිරගෙයි…

නාමල්ගේ අනාගතය තහවුරු කිරීම රනිල්ගෙයි-වජිරගෙයි අරමුණයි

ගංගාරාමයට නොයා රනිල් අභයරමයට ගිය හේතුව මෙන්න..!

වජිර අභයාරාමයේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත් වන්නේ සිරිකොතේ ඉඩ නැති නිසා ද..?

රනිල්ගෙයි-වජිරගෙයි අලුත්ම දේශපාලන ගුරා මුරුත්තෙටුවේ ආනන්ද 

අල්ලේ ගුණවංශත් ඒ අතර

සරත් මනමේන්ද්‍රගෙන් සැර ප්‍රකාශයක්..!

රනිල්-වජිර යනු මහින්දගේ ඔඩොක්කු කුක්කෝය

(සුජිත් මංගල ද සිල්වා)   

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන යනු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඔඩොක්කු කුකුක්කන් දෙදෙනෙකු බව මේ වන විට මුළු රටටම හෙළිදරව් වී ඇතැයි නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා කියා සිටියි.

එම නිසා එක්සත් ජාතික පාක්ෂිකයින් තව දුරටත් රනිල් වික්‍රමසිංහට සහ වජිර අබේවර්ධනට නොරැවටිය යුතු යැයි ද, එක්සත් ජාතික පක්ෂය කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ශාඛාවක් යැයි ද පෙන්වා දුන් සරත් මනමේන්ද්‍ර මහතා මේ තත්ත්වය හමුවේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට සිදුව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන අනුව යමින් සිය පක්ෂයේ මූලස්ථානය වී තිබෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ඍජුව එක් වෙමින් දේශපාලන වශයෙන් සිය දිවි නසා ගැනීම හෝ ඊට එරෙහිව එක්සත් ජාතික පක්ෂය බේරා ගැනීම සඳහා දිවි පරදුවට තබා ඉදිරියට පැමිණ දේශපාලන වශයෙන් දිවි පරදුවට තබා සටන් කිරීම යැයි ද සඳහන් කළේය.

දැන්වීම

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණියේ සහ ඒ වෙනුවෙන් වජිර අබේවර්ධන මහතා දිවි පරදුවට තබා ඇපකැප වී ක්‍රියා කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂය අකර්මන්‍ය කර නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය තහවුරු කිරීමට යැයි ද චෝදනා කර සිටියේය.

එදා සිට මේ දක්වා වූ සිය දේශපාලන සහ පෞද්ගලික ජීවිතයේ ඉතාම වැදගත් වූ සෑම අවස්ථාවකදීම කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරයට ගොස් ආශීර්වාද ලබා ගත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මෙවර දිව්රුම් දීමෙන් අනතුරුව කොළඹ නාරාහේන්පිට අභයාරාමයට ගොස් මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් මේ බව මානව තහවුරු වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

දේශපාලන වශයෙන් ඒ හා සමානම තවත් සිද්ධියක් වන්නේ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ද එම විහාරස්ථානයේ දී බදාදා (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීම වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව බිහි කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් කළේ මෙම අභයාරාම විහාරය සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බව මුළු රටම දන්නේ යැයි ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ ලැබූ පරාජයත් සමඟ දේශපාලන කටයුතු යළි ඇරඹූයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ආශීර්වාදය, මඟ පෙන්වීම සහ උපදෙස් මධ්‍යයේ  අභයාරාම විහාරස්ථානයෙන් යැයි ද සරත් මනමේන්ද්‍ර මහතා පෙන්වා දුන්නේය. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වගේම මේ වන විට රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ ද දේශපාලන න්‍යායචාරයවරයා වී සිටින්නේ මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් බව ද, උන්වහන්සේ සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන භික්ෂූන් වහන්සේලාගේ අරමුණ වී තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතා රටේ නායකත්වයට අවශ්‍ය සුදුසුකම් සපුරන තුරු රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන ඇතුළු කණ්ඩායම යොදවා විපක්ෂයට දේශපාලන වශයෙන් ඔළුව එසවීමට ඉඩ නොතබා විවිධ දේශපාලන කුමන්ත්‍රණ ඔස්සේ අර්බුද ඇති කරමින් විපක්ෂයේ භූමිකාව ද සියතට ගෙන ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ පවුල් පාලනය තව දුරටත් තහවුරු කිරීම යැයි ද සරත් මනමේන්ද්‍ර මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.  

රනිල්-වජිර යනු මහින්දගේ ඔඩොක්කු කුක්කෝය

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රනිල්-වජිර යනු මහින්දගේ ඔඩොක්කු කුක්කෝය | Lanka Newsweek