රනිල් වජිරගේ ප්‍රාණ ඇපකරුවෙකු වෙලා-හේතු මෙන්න..!

වජිර දිල්රුක්ෂි ඩයස් විනාශ කළ හැටි පාක්ෂිකයින්ගෙන් වගේම එජාප අභ්‍යන්තරයෙනුත් වජිරට දැඩි විරෝධයක් ▶ වීඩියෝව නරඹන්න (සුමුදු පෙරේරා) වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ සභාපති ධූරයෙන් පහ කර එම ධූරය…
වජිර දිල්රුක්ෂි ඩයස් විනාශ කළ හැටි
පාක්ෂිකයින්ගෙන් වගේම එජාප අභ්‍යන්තරයෙනුත් වජිරට දැඩි විරෝධයක්
(සුමුදු පෙරේරා)
වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ සභාපති ධූරයෙන් පහ කර එම ධූරය අර්ජුන රණතුංග මහතා වෙත ලබා දෙන්නැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ගණනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතත් ඊට ඔහු යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.
සිංහල-බෞද්ධ නායකයෙකු වන අර්ජුන රණතුංග මහතා රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දෙමින් රට ලෝකයට ගෙන ගිය ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර එම තත්ත්වය එක්සත් ජාතික පක්ෂයට දේශපාලන වශයෙන් ඉතා වාසිදායක බව ද එම නායකයින් රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දී ඇත.
දැන්වීම
එක්සත් ජාතික පක්ෂයේ මෙම ජ්‍යෙෂ්ඨ නායකයින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ වජිර අබේවර්ධන මහතාව ජනතාව තරයේ ප්‍රතික්ෂේප කරමින් සිටීම, ඔහු ආණ්ඩුවත් එක්ක විවිධ කූට ගනුදෙනු සිදු කිරීම සහ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයෙන්ම ඔහුට එරෙහිව දැඩි විරෝධයක් මතුව තිබීම යන කරුණු කාරණා මතය.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට යහපත් ප්‍රතිචාරයක් නොදක්වා එම යෝජනාව මෙසේ මඟ හැර ඇත්තේ වජිර අබේවර්ධන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාව මේ වන විට දේශපාලන වශයෙන් ප්‍රාණ ඇපයට (Blackmail) ගෙන තිබීම නිසා විය හැකි බව එම පක්ෂයේ සන්නිවේදන බළකායේ සහ ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියෝ පිරිසක් 'lankanewsweek" සමග පැවසූහ.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ 2015 පැවැති ජනාධිපතිවරණ සහ ඊට පසුව පැවැති මහා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් වජිර අබේවර්ධන මහතා මාර්ගයෙන් "AVANT-GARDE" සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබා ගැනීම නිසා ඔහු මේ ඉරණමට මුහුණ දී සිටින බවය.
"AVANT-GARDE" සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් 120ක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් සහ මහා මැතිවරණය වෙනුවෙන් රුපියල් කෝටි 30ක් ලබා දුන් බව වජිර අබේවර්ධන මහතා තමා සමග කියා සිටියේ යැයි ද පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
එමෙන්ම 2020 පැවැති මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සිය දේශපාලන ඉතිහාසයේ ලැබූ අන්ත පරාජය හමුවේ පවා රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය රැක ගැනීමට වගේම ඔහුගේ අවශ්‍යතාවය පරිදි රුවන් විජයවර්ධන මහතා එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත් කර ගැනීමට වජිර අබේවර්ධන මහතා ඇපකැප වී ක්‍රියා කිරීම ද මේ තත්ත්වයට ඍජුව බලපා තිබෙන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
යහ පාලන සමයේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ "AVANT-GARDE" අධිපති නිශ්ශංක සේනාධිපති මහතා අතර අතිශය උපක්‍රමශීලී ලෙස රහස් දුරකථන සංවාදයක් සම්බන්ධීකරණය කරමින් ඇය ප්‍රාණ ඇපයට ගෙන විනාශ කළේ ද වජිර අබේවර්ධන මහතා බව මේ වන විට මුළු රටම දන්නා කරුණකි.
2015 ජනවාරි 08 ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඉතා කෙටි කලකින් මේ "AVANT-GARDE" ගනුදෙනුව හෙළිදරව් වී එම සිද්ධිය කරළියට ආ මොහොතේ සිට නිශ්ශංක සේනාධිපති මහතා බේරා ගැනීමට ඇපකැප වෙමින් කොළඹ 03,රැජින පාරේ පිහිටි සිය සුවිසල් මන්දිරයේ ඔහුව රඳවා ගෙන ඔහුට ආරක්ෂාව ලබා දුන්නේ ද වජිර අබේවර්ධන මහතාය.
නිශ්ශංක සේනාධිපති මහතා නීතියේ රැහැනින් බේරා ගැනීමේ මෙහෙයුම දියත් කෙරුණේ වජිර අබේවර්ධන මහතාගේ මේ සුවිසල් මන්දිරයේ සිට වන අතර ඒ වන විට වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද නොවුණ ද, නිශ්ශංක සේනාධිපති මහතා බේරා ගැනීම සඳහා ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රධාන යහා පාලන රජයේ නායකයින් වෙත හැකි තරම් කරුණු කාරණා සහ සාක්කි සාධක ඉදිරපත් කරමින් ඊට මැදිහත් වූ අයුරු එක්සත් ජාතික පක්ෂයේ කවුරුත් දනිති.
