අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්-රවී සාකච්ඡා ඇරඹේ..!

රනිල්-රවී සාකච්ඡා ඇරඹේ..!

(හේමන්ත තුසිත කුමාර) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු මුදල අමාත්‍ය රවී කරුනයක යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ දී ඊයේ (02) රාත්‍රියේ පැවැත් වී තිබේ. එහිදී…

(හේමන්ත තුසිත කුමාර)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු මුදල අමාත්‍ය  රවී කරුනයක යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ දී ඊයේ (02) රාත්‍රියේ පැවැත් වී තිබේ.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව සහ විශේෂයෙන්  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ පිළිබඳව දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇත.

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේත් ආණ්ඩුවේත් උද්ගත වී තිබෙන තත්ත්වය සහ පක්ෂයේ බහුතරය මේ මොහොතේ ඉල්ලා සිටින ප්‍රතිසංවිධානයත් ඒ අයගේ අවශ්‍යතාත් පිළිබඳව රවී කරුණානායක මහතා එහිදී අගමැතිවරයා හමුවේ කරුණු දක්වා තිබේ.

රවී කරුණානායක මහතාගේ අමාත්‍ය ධූරය සහ එක්සත් ජාතික පක්ෂයේ ඔහු ස්ථාන ගත විය යුතු ආකාරය ගැන ද එහිදී අදහස් හුවමාරු වී ඇති අතර සාකච්ඡා තව දුරටත් ඉදිරියට ගෙන යාමට ද එහිදී දෙපාර්ශවය එකඟ වී ඇත.

මේ අතර රවී කරුණානායක මහතාට සමීප ආරංචි මාර්ග අවධාරණය කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ බහුතරය ඉල්ලා සිටින ප්‍රතිසංවිධානයක් සිදු නොවුණොත් ඔහු ඇතුළු කණ්ඩායමක් දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානමින් සිටින බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල්-රවී සාකච්ඡා ඇරඹේ..! | Lanka Newsweek