අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් යළි මැති සබයට

රනිල් යළි මැති සබයට

"ඉවසලා ඉන්න" රනිල් ජනතාවට දැනුම් දෙයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2025 වර්ෂ අවසානයේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට යළි පැමිණෙනු ඇතැයි එම…

"ඉවසලා ඉන්න" රනිල් ජනතාවට දැනුම් දෙයි 


එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2025 වර්ෂ අවසානයේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට යළි පැමිණෙනු ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් "lankanewsweek" සමග තහවුරු කර සිටියේය. 

ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරන් දෙදෙනාගෙන් අයෙකු ඉල්ලා අස්වීමෙන් පසු ඇති වන පුරප්පාඩුව සඳහා පත් වෙමින් බව ද එම ජ්‍යෙෂ්ඨ නායකයා සඳහන් කළේය.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් ගණනාවක් ඔහු සමග එකට එක් වනු ඇති අතර ඒ අනුව ඔහු ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේ දී සහ පිටත දී විපක්ෂය එකට ඒකරාශී කර සංවිධානය කරනු ඇති බව ද එම නායකයා වැඩි දුරටත් සඳහන් කළේය. 

රට-ජාතිය වෙනුවෙන් පාර්ලිමේන්තුවට යළි පැමිණ ජනතා සේවයට එක් වන්නැයි ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරයක යෙදුණු අවස්ථාවේ දී ජනතාව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී අතර එහිදී ඔහු එම ජනතාවට කියා සිටියේ "ඉවසලා සිටින" ලෙසය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල් යළි මැති සබයට | Lanka Newsweek