රනිල් මොධිගේ අප්‍රසාදයට ලක් වෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6

මෛත්‍රී එකඟ වූ ව්‍යපෘති යට ගහන්නේ මන්දැයි මෝධි රනිල්ගෙන් ප්‍රශ්න කරයි..! ශ්‍රී ලංකා චීන ආක්‍රමණය ප්‍රශ්නයක්..! අගමැති නිරුත්තර වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ…
මෛත්‍රී එකඟ වූ ව්‍යපෘති යට ගහන්නේ මන්දැයි මෝධි රනිල්ගෙන් ප්‍රශ්න කරයි..!
ශ්‍රී ලංකා චීන ආක්‍රමණය ප්‍රශ්නයක්..!
අගමැති නිරුත්තර වෙයි..!
(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය සම්බන්ධයෙන් “lankanewsweek” කළ සියලු අනාවැකි සනාථ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආණ්ඩුවට සිය අප්‍රසාදය පළ කර තිබේ.
“මෝධි ආරාධනා කළාද-රනිල් ආරාධනයක් ඉල්ලුවාද..? යන ශීර්ෂය යටතේ බ්‍රහස්පතින්දා (18) ද, “ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඉන්දියාව අගමැතිගෙන් ප්‍රශ්න කරයි..? යන ශීර්ෂය යටතේ සිකුරාදා (19) ද “lankanewsweek” මේ සියලු තොරතුරු කල් ඇතිව සිය පාඨකයින් වෙත වාර්තා කළ බව අවධාරණයෙන් යුතුව සිහිපත් කරමු.
2017 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු–ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම සිය කණස්සල්ලට වගේම කණගාටුවට හේතු වී ඇති බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඍජුවම චෝදනා කර ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරලීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් ද කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර මේ හමුව සිදු වූයේ සෙනසුරාදා (20) නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේය.
රාජ්‍ය තාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, ඒසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදු කරන සත්කාර්යයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කණගාටුවන බවත් පැවසූ මෝදි මහතා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටලුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙස ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත තරයේ දැනුම් දී ඇත.
නරේන්ද්‍ර මෝදි මහතාගේ මේ බරපතළ චෝදනා හමුවේ,ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හෝ ඉන්දීය රජය පිළිබඳව කිසිදු සැකයක් හෝ ගැටලුවක් තමාට සහ ශ්‍රී ලංකිකයන්ට නොමැති බව එහිදී කියා සිටීමට රනි වික්‍රමසිංහ මහතාට සිදුව ඇති අතර එවැනි වැරද වැටහීමක් ඇති වීමට කිසියම් හෝ හේතුවක් මුල්වී නම් ඒ ගැන සිය කණගාටුව පළ කරන බව ද කියා ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ රනිල් වික්‍රමසිංහ මහතා,මේ වන විටත් පමා වී තිබෙන ඉන්දීය සංවර්ධන කඩිනම් කරලීමට අවශ්‍ය සුදුසු පියවර වහාම ගන්න බවට ද රනිල් වික්‍රමසිංහ මහතා,නරේන්ද්‍ර මෝධි මහතා හමුවේ පොරොන්දු වී තිබේ.
දෙරටේ ආරක්‍ෂක කටයුතු සම්බන්ධව විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විදේශ මැදිහත්වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරලීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණයෙන් යුතුව අදහස් දක්වා ඇත්තේ චීනයට ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට ඉඩ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ආණ්ඩුව බලා සිටීම ගැන අනියමින් සිය විරෝධය පළ කරමිනි.
2015 වසරෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා වඩාත් ශක්තිමත් තලයකට පත් වූ බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රමාත්‍යවරයා, සිය අරමුණ වන්නේ අසල්වැසි ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සමෘද්ධිය බව අවධාරණය කළේ ය.
ආර්ථික, සංස්කෘතික සහ ආරක්‍ෂක අංශ සලකා බලද්දී දෙරට අතර අඛණ්ඩව පැවතිය යුතු, නොබිඳෙන සමීප සම්බන්ධතාවය අතිශය වැදගත් බව ද ඔහු එහිදී යළිත් අවධාරණය කර ඇති අතර,මේ කාරණය ඔහු එසේ යළි යළිත් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවට චීනය කරන අත පෙවීම් ප්‍රතික්ෂේප කරන අතර එම තත්ත්වය කලාපීය වශයෙන් අනතුරුදායක විය හැකිය යන අදහස ඇතිව බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තමා කත්මණ්ඩු නුවර දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළ අවස්ථාවේදී 2017 අවබෝධතා ගිවිසුමට අනුකූළව සියලු කාර්යයන් සිදු කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව ද නරේන්ද්‍ර මෝදි මහතා එහිදී ප්‍රශ්න කළේය.
අවසානයේදී,ශ්‍රී ලංකාව කිසි විටෙක ඉන්දීය ආරක්‍ෂාවට තර්ජනයක් වන කිසිවක් සිය භූමියේ සිදු කරලීමට ඉඩකඩ නොදෙන බවටත් ශ්‍රී ලංකාව ලෝකයේ ඕනෑම රටක් සමග එක්ව ක්‍රියා කරන්නේ ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පමණක් බවටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා හමුවේ සහතික වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිදු විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සිදු වූ හමුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනය මගින් ද "lankanewsweek" හෙළි කළ බොහෝ කරුණු සනාථ වන අතර ඒ නිවේදනය එසේ නිකුත් කර ඇත්තේ දේශපාලන උපක්‍රමයක් ලෙස බව කවුරුන් නොදන්නවා වුණත් අපි දනිමු.
ඒ පිළිබඳව ඇතුළු ඉන්දීය සංචරයදී සිදු වූ බොහෝ සිද්ධීන් පිළිබඳ රහස් තොරතුරු රැසක් අප සතුව තිබෙන අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කර්යාලය නිකුත් කළ නිවේදනය මෙසේය.
ප්‍රවෘත්ති නිවේදනය
2017 වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කණස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඒ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරලීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම කළේ 20 වන දා දහවල් නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස හමුවූ අවස්ථාවේදී ය.
මෝදි මහතා විසින් ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.
රාජ්‍ය තාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, ඒසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදු කරන සත්කාර්යයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කණගාටුවන බවත් පැවසූ මෝදි මහතා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙස ද ඉල්ලා සිටියේය.
මෝදි මහතා හෝ ඉන්දීය රජය පිළිබඳව කිසිදු සැකයක් හෝ ගැටළුවක් තමා තුළ හෝ ශ්‍රී ලංකිකයන් තුළ නොමැති බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා එවැනි වැරද වැටහීමක් ඇතිවීමට කිසියම්ම හෝ හේතුවක් මුල් විණි නම් ඒ පිළිබඳ කණගාටුව පළ කරන බව පැවසීය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ වික්‍රමසිංහ මහතා, ව්‍යාපෘති පාමාවීම සම්බන්ධව තමාගේ ද දැඩි සැලකිල්ල යොමු වී ඇති බවත්, ව්‍යාපෘති කඩිනම් කරලීම සම්බන්ධව සුදුසු පියවර ගැනීමට අපේක්‍ෂා කරන බවත් පැවසීය.
2015 වසරෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා වඩාත් ශක්තිමත් තලයකට පත් වූ බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රමාත්‍යවරයා, තමන්ගේ අරමුණ අසල්වැසි ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමෘද්ධිය බව අවධාරණය කළේ ය. ආර්ථික, සංස්කෘතික හා ආරක්‍ෂක අංශ සලකා බලද්දී දෙරට අතර අඛණ්ඩව පැවතිය යුතු, නොබිඳෙන සමීප සම්බන්ධතාවය අතිශය වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තමා කත්මණ්ඩු නුවර දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළ අවස්ථාවේදී 2017 අවබෝධතා ගිවිසුමට අනුකූළව සියළු කාර්යයන් සිදු කිරීම පිළිබඳව අදහස් හුවමාරු කරගත් බව ද මෝදි මහතා පෙන්වා දුන්නේය.
සුවසැරිය ගිලන් රථ සේවාව ලබා දෙමින් ජීවිත දහස් ගණනක් රැක ගැනීමට මෝදි මහතා දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් සමස්ත ලාංකිකයන් වෙනුවෙන් වික්‍රමසිංහ මහතා කෘතවේදීත්වය පළ කළේය.
ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති, යටිතල පහසුකම් සැපයීම් හා වෙනත් සංවර්ධන ක්ෂේත්‍රයන් වෙත ඉන්දියාව ලබා දෙන සහයෝගය අගය කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳ දැනුම ලාකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ප්‍රදානය කරලීම සඳහා සහය දක්වන ලෙස මෝදි අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ය.
වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස දස දහසක් ඉදි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට ද කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
දෙරටේ ආරක්‍ෂක කටයුතු සම්බන්ධව විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විදේශ මැදිහත්වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරලීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකාව කිසි විටෙක ඉන්දීය ආරක්‍ෂාවට තර්ජනයක් වන කිසිවක් සිය භූමිය තුළ සිදු කරලීමට ඉඩකඩ නොදෙන බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා තම රට ලෝකයේ ඕනෑම රටක් සමග එක්ව ක්‍රියා කරන්නේ ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පමණක් බව ද පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව හා සම්බන්ධ දූෂණ මැඩපැවැත්ලීම සඳහා සහය ලබා දෙන ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
තම මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි මහතා ඉන්දීය ක්‍රිකට් දූෂණ මැඩලීම පිළිබඳ ව්‍යාපෘතිය සම්බන්ධ අත්දැකීම් රැසක් ඇත්තෙක් බැවින්, ආරම්භයක් ලෙස ඔහු සමග සාකච්ඡා අරඹන ලෙස මෝදි මහතා දැනුම් දුන්නේය. ඉන්දීය බලධාරීහු වහාම ඒ සාකච්ඡාව සංවිධානය කළහ.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, නියෝජ්‍ය මහකොමසාරිස් එම්. ආර්. කේ. ලෙනගල, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6
