අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"රනිල්-මලික්-කබීර්" එජාප ත්‍රිශුලය ෆීල්ඩ් මාෂල්ට යළි කෙළවයි..!

රට එක්ක දේශපාලනය නොකරනු-ජාතික ආරක්ෂාවේ වගකීම ෆීල්ඩ් මාර්ෂල්ට පවරනු

නීතිය සහ සාමයට රංජිත් මද්දුම බණ්ඩාර නම් කරයි..! (සුජිත් මංගල ද සිල්වා) නිතිය සහ සාමය පිළබඳ අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති…

නීතිය සහ සාමයට රංජිත් මද්දුම බණ්ඩාර නම් කරයි..!

(සුජිත් මංගල ද සිල්වා)

නිතිය සහ සාමය පිළබඳ අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යෝජනා කරනු ලැබ තිබේ.

දැන්වීම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත මේ යෝජනාව කරනු ලැබ තිබෙන්නේ, රටේ උද්ගත වී තිබෙන අනාරක්ෂිත අනතුරුදායක සහ අභියෝගාත්මක තත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි නිතිය සහ සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කරන්න යැයි ජනාධිපතිවරයාට බල කරන ලෙසට එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, ක්‍රියාකාරකයින් සහ පාක්ෂිකයින් තරයේ ඉල්ලා සිටි තත්ත්වයක් හමුවේය.

මේ අතර උද්ගත් වී තිබෙන භයානක අනතුරුදායක සහ අභියෝගාත්මක තත්ත්වය තේරුම්ගෙන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට නිතිය සහ සාමය අමාත්‍ය ධූරය ලබා දෙන්නැයි රිෂාඩ් බදුර්දීන් මහතා ජනාධිපතිවරයාගෙන් බදාදා (24) ඉල්ලීමක් කර තිබේ. රිෂාඩ් බදුර්දීන් මහතා මේ ඉල්ලීම කරන විට මලික් සමරවික්‍රම සහ කබීර් හසීම් යන අමාත්‍යවරුන් ද එම ස්ථානයේ සිට ඇත.

එහිදී මලික් සමරවික්‍රම සහ කබීර් හසීම් යන මහත්වරුන් විවිධ කරුණු දක්වා රිෂාඩ් බදුර්දීන් මහතාගේ ඉල්ලීමට එරෙහිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබෙන්නේ, සරත් ෆොන්සේකා මහතාට නිතිය සහ සාමය ඇමති ධූරය ලබා නොදෙන ලෙසය.

මේ සිද්ධිය ගැන රිෂාඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තු ලොබියේදී එක්සත් ජාතික පෙරමුණේ වගේම තමාට හිතවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් ප්‍රධාන මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සමග සකච්ඡා කර තිබෙන්නේ, ඉතාම කණගාටුවෙනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
"රනිල්-මලික්-කබීර්" එජාප ත්‍රිශුලය ෆීල්ඩ් මාෂල්ට යළි කෙළවයි..! | Lanka Newsweek