අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් මංගලට ඉව අල්ලයි..!

රනිල් මංගලට ඉව අල්ලයි..!

අගමැති-මුදල් ඇමති සීතල යුද්ධයට අමින්ද මෙත්සිල බිලි වෙයි..! රාජිතගෙන් මංගලට ප්‍රහාරයක්..! ජන මාධ්‍ය රාජ්‍ය ඇමතිකමට රුවන් විජයවර්ධන..! අගමැතිගේ හිතවතුන් පිරිසක් රාජ්‍ය මාධ්‍යයට..! (සුජිත් මංගල ද…

අගමැති-මුදල් ඇමති සීතල යුද්ධයට අමින්ද මෙත්සිල බිලි වෙයි..!

රාජිතගෙන් මංගලට ප්‍රහාරයක්..!

ජන මාධ්‍ය රාජ්‍ය ඇමතිකමට රුවන් විජයවර්ධන..!

අගමැතිගේ හිතවතුන් පිරිසක් රාජ්‍ය මාධ්‍යයට..!

රනිල් මංගලට ඉව අල්ලයි..!

(සුජිත් මංගල ද සිල්වා)

මුදල් සහ ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ වැඩ කටයුතු සහ ක්‍රියා මාර්ග සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඍජු ලෙස මැදිහත්වීම් කරමින් සිටින බව වාර්තා වේ.

ඊට හොඳම සහ ආසන්නතම උදාහරණය වන්නේ එක්සත් ජාතික පෙරමුණටත්  නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් අවුරුදු ගණනාවක් මුළුල්ලේ මතවාදීව සහය පළ කළ ආර්ථික සහ මුල්‍ය විශේෂඥයෙකු වන ආචර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා  මහා ජන බැංකුවේ සභාපති ධූරය සඳහා මංගල සමරවීර මහතා යෝජනා කළ අවස්ථාවේදී ඊට විරෝධය පළ කළ අග්‍රාමාත්‍යවරයා එම ධූරයට ජාතික නීතීඥ සංගමයේ ලේකම්  නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා පත් කරන ලෙසට මංගල සමරවීර මහතාට නියෝග කිරීමය.

මුදල් සහ ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ වැඩ කටයුතු සහ ක්‍රියා මාර්ග සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ  ඍජු ලෙස මැදිහත්වීම් කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්,ඔහුට හිතවත් ජනමාධ්‍යවේදීන්,නිලධාරීන් සහ ඔහුගේ පෞද්ගලික හිතවතුන් පෙන්වා දී ඇති දේශපාලන කරනු කාරණා වගේම මතු කර ඇති විවිධ තර්ක විතර්ක හමුවේ බව අරලිය ගහ මන්දිර අභ්‍යන්තර තොරතුරුකරුවෝ “lankanewsweek” සමග පැවසූහ.

මුදල් සහ ජන මාධ්‍ය විෂය ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල විශේෂ අවධානයකින් සිටින බව පෙන්වා දුන් එම තොරතුකරුවෝ ඒ අමාත්‍යංශ යටතේ පවතින ආයතනවලට දැනට පත් කර ඇති ඇතැම් ප්‍රධානීන් සම්බන්ධයෙන් ඔහු සැහීමකින් පසු නොවන බව ද සඳහන් කළහ.

මේ පසුබිම යටතේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, ජන මාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කර රාජ්‍ය මාධ්‍ය ආයතනවලට තමාට සහ එක්සත් ජාතික පක්ෂයට අතිශය හිතවත් කණ්ඩායමක් අනුයුක්ත කිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කරමින් සහ සැලසුම් කරමින් සිටින බව ද ඔවුහූ පෙන්වා දුන්හ.

ඊට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දරන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු ඇමති ධූරයේ රාජ්‍ය හෝ නියෝජය හෝ කැබිනට් නොවන හෝ ඇමති ධූරයක් ද රුවන් විජයවර්ධන මහතා වෙත ලබාදීමට තිබෙන හැකියාව පිළිබඳව ද විශේෂ අවධානය යොමු වී තිබේ.

මේ පියවර ගැනීම කෙරෙහි අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙන්නේ තමා දරන ආරක්ෂක රාජ්‍ය ඇමති ධූරය යටතේ ගම්පහ දිස්ත්‍රික්කය සහ එම ජනතාව වෙනුවෙන් ඇඟට දැනෙන යමක් කිරීමට රුවන් විජයවර්ධන මහතාට අවකාශ නොතිබීමේ තත්ත්වය  වන අතර මේ තත්ත්වය සම්බන්ධයෙන් රුවන් විජයවර්ධන මහතා ද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවා ඇත.

මේ අතර ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා යටතේ පවතින රාජ්‍ය මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මුල සිටම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ අභ්‍යන්තරයේ පැවති අළු යට ගිනි පුපුරා එළියට පැන්නේ ගෙවුණු සතියේ බදාදා (16) රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවති එම පෙරමුණේ නායකයින්ගේ රැස්වීමේදීය.

එහිදී නැගී සිටී සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉතා වේගවත් කතවක් කරමින් චෝදනා කර සිටියේ රාජ්‍ය මාධ්‍යයෙන් කිසිම ප්‍රයෝජනයක් නොමැති බවය.

රජයේ සංවර්ධන වැඩ කටයුතුවලට,රජය ජනතාවට කරන සේවයට,රජයේ මතවාදයට සහ අනාගත ඉලක්කවලට රාජ්‍ය මාධ්‍ය කිසිම ප්‍රමාණාත්මක,විධිමත් සහ සැලසුම්සහගත  ප්‍රචාරයක් ලබාදෙමින් ජනතාව දැනුම්වත් නොකරන බවට ද දොස්තර රාජිත සේනාරත්න මහතා එහිදී චෝදනා කර සිටියේය.

රනිල් මංගලට ඉව අල්ලයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රනිල් මංගලට ඉව අල්ලයි..! | Lanka Newsweek