“රනිල්-බැසිල්” රහස් කතා එළියට..!

“මෛත්‍රී-මහින්ද” හවුල අවුලක..! දෙදෙනා හොර රහසේ හමුවෙලා..! මහින්ද අගමැති කළ වේලාවේ බැසිල් රනිල්ට යැවූ රහස් පණිවිඩය..! මෛත්‍රී ගැන ශිරන්තිගේ හැගීම මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල්…
“මෛත්‍රී-මහින්ද” හවුල අවුලක..!
දෙදෙනා හොර රහසේ හමුවෙලා..!
මහින්ද අගමැති කළ වේලාවේ බැසිල් රනිල්ට යැවූ රහස් පණිවිඩය..!
දැන්වීම
මෛත්‍රී ගැන ශිරන්තිගේ හැගීම මෙන්න..!

(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ රහස් හමුවක් සහ තීරණාත්මක සාකච්ඡාවක් ගෙවුණු බදාදා (13) රාත්‍රියේ කොළඹදී සිදුව තිබේ.
ඉතා රහසි ගතව මේ හමුව සහ සාකච්ඡාව සිදුව තිබෙන්නේ කොළඹ 05 වැනි පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බාල සොහොයුරා වන නිරාජ් වික්‍රමසිංහ මහතාගේ නිවසේදීය.
දෙදෙනා අතර මුහුණට මුහුණ (One to One) සිදු වූ මේ සාකච්ඡාවේදී 2020 ජනාධිපතිවරණය,පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා,රටේ උද්ගත වී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය වගේම ඉදිරියේදී රට වෙනුවෙන් ගොඩනැඟිය හැකි පුළුල් ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා මෙසේ හදිසියේම රහසි ගතව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කළ සාකච්ඡාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ විශේෂ සහ දැඩි අවධානය යොමුව ඇත.
මේ ආරංචිය කණ වැකුණු වහාම වැඩිපුරම කලබලයට පත් වී ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වන අතර ඔහු සිය අතිශය සමීපතමයින් පිරිසක් සමග කියා තිබෙන්නේ බැසිල් රාජපක්ෂ කරන්න යන්නේ කුමක්ද කියා හොඳින් බලා සිටිය යුතු බවය.
පසුගිය කාලයේම බැසිල් රාජපක්ෂ,බොහෝ වැඩ කටයුතුවලින් බැහැරව ඒ සියල්ල මඟ හැර සිටී බව ද මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ එම සමීපතමයින් සමග පවසා තිබේ.
2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනැගීමට යන පුළුල් දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන සහෝදරයින් සිව් දෙනා අතර තිබෙන්නේ එකිනෙකාට පරස්පර මත හතරකි.
මෙහිදී හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මතය තීරණාත්මක වනු ඇති අතර බොහෝ විට ඇයගේ මතය අවසන් මතය වනු ඇති බව එම පවුලේ සමීපතමයින් අදහස වී තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලට සමීප අය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප අය “lankanewsweek” සමග පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂට හෝ බැසිල් රාජපක්ෂට හෝ චමල් රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකකම ලබාදීමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය කිසිසේත් ඉඩ නොතබන බවය.
ඒ අය “lankanewsweek” වෙත වැඩි දුරටත් පෙන්වා දුන්නේ සිය නෑනලා තිදෙනාගෙන් කිසිවෙකු ජනාධිපති අර්යාවක්වීම (First Lady) ඇය කිසිසේත් නොඉවසනු ඇති බවය.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ස්ථාවරය වී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති අපේක්ෂකකම ලබා දී ඔහු ජයග්‍රහණය කරවා මහින්ද රාජපක්ෂ මහතා අගමැති විය යුතු බවය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිබඳ තමාට තිබෙන විශ්වාසය සහ ඔහු සමග ඉදිරියට යා යුතු බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයේදී ජනාධිපතිවරයාට අතිශය සමීප ඔහුගේ ඉහළම නිලධාරියෙකු සමග පවසා තිබේ.
එම විවාහ මංගල උත්සවයට සහභාගී වී සිටී එම නිලධාරියාව මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතෙකු කැඳවා ගෙන ගොස් ඔහුගේ නම සහ තනතුර කියා ඔහු ශිරන්ති රාජපක්ෂ මහත්මියට හඳුන්වා දුන් අවස්ථාවේදී ඉතාම සතුටට පත් වී ඇති ඇය ඔහුට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ “ආ...මේ අපේ ජනාධිපතිතුමාගේ හිතවතෙක්ද..? හරිම සතුටුයි...අපි ඔක්කොම දැන් ඉතිං එකතු වෙලානේ ඉන්නේ...අපි ඔක්කොම එකතු වෙලා යමු.රට යන්න කලින් ජනාධිපතිතුමා අපේ ගෙදර ඇවිත් ගියේ” යනුවෙනි.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මේ ප්‍රතිචාරය සහ ඇය සිටින ස්ථාවරය එම නිලධාරියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද ඒ දිනවලම දැනුම් දී තිබිණ.
මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නම යෝජනා කළ හොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ස්වාධීන අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල සැලසුම් කරමින් සිටින්නේ මේ පසුබිම මතය.
බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නොමැති බවය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඔහු පරාජයට පත් වුණොත් එම පරාජය ඊළඟ මහා මැතිවරණයට බරපතළ ලෙස බලපාන බව බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ සමීපතමයින් සමග පවසා තිබේ.
මේ වසරේ දෙසැම්බර් නම වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයකු ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන බවට වන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බදාදා (13) ප්‍රසිද්ධියේම සිදු කරමින් එදිනම රාත්‍රියේ බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සියලු දෙනාටම දේශපාලන උභතෝකෝටිකයක් වී තිබෙන අතර දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ එම ප්‍රකාශයට සමගාමීව ඔහු රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවීම මගින් හෙළිදරව් වන්නේ ජනාධිපති අපේක්ෂකම ලබා ගැනීමට පවුල අභ්‍යන්තරයේ ඇවිලී ඇති බල අරගලයේ සහ සටනේ තරම බවය.
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ, පවුල අභ්‍යන්හාරයේ ඇති වී තිබෙන බල අරගලයෙන් ද, ගැල වී තමාගේත් සිය පුත් නාමල් රාජපක්ෂ මහතාගේත් දේශපාලන අනාගතය තහවුරු කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා හමුවේ තිබෙන එකම සහ හොඳම විකල්පය මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති අපේක්ෂකකම දී ඔහු ජයග්‍රහණය කරවා තමා අගමැතිවීම යැයි ද එම දේශපාලන විචාරකයෝ පෙන්වා දුන්හ.
මේ අතර ජනාධිපතිවරයා විසින් 2018 ඔක්තෝබර් මස 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කළ අවස්ථාව්දී බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියා කළ ආකාරය ගැන ද මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ විශේෂ අවධානයට යොමුව තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කරමින් ජනාධිපතිවරයා ගත් එම ක්‍රියා මාර්ගය අනුමත කළ නොහැකි නිසා තමා එම ක්‍රියාදාමයට සහයෝගය ලබා නොදෙන බව බැසිල් රාජපක්ෂ මහතා සිය විශේෂ පණිවුඩකරුවෙකු මාර්ගයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන් වෙත ඒ දිනවලම දැනුම් දී තිබිණ.
එපමණක් නොව එම පණිවුඩය අග්‍රාමාත්‍යවරයාට සහ රාජිත සේනාරත්න මහතාට නිවැරදි ලෙස ලැබුණා ද,ඊට ඒ අයගේ ප්‍රතිචාරය කුමක් ද යන්න පිළිබඳව ද ඔහු දෙවරක් සොයා බැලූ (Duble Check) බව මේ රටේ කිනම් ජන මාධ්‍යක් නොදනිතත් “lankanewsweek” අපි දනිමු.
ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග “lankanewsweek” සමග පැවසුවේ රිෂාඩ් බදුර්දීන්ලා සහ රවුෆ් හකීම්ලා එම ආණ්ඩුව සමග එක් නොවූයේ බැසිල් රාජපක්ෂ මහතාගේ මේ පණිවුඩය නිසා බවය.
