අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් ප්‍රමුඛ සන්ධානය ගොඩනැගීමේ වගකීම රවී සහ වජිර මත පවරයි

රනිල් ප්‍රමුඛ සන්ධානය ගොඩනැගීමේ වගකීම රවී සහ වජිර මත පවරයි

ජනාධිපතිවරණය-මහා මැතිවරණය ඉලක්ක කර ගත් ජන රැලි මාලාවක් ජනවාරියේ සිට රට පුරා දියත් කෙරේ රවී සියලු බර කරට ගනී-වජිරගේ සහයත් ලැබෙයි ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපති රනිල්…

ජනාධිපතිවරණය-මහා මැතිවරණය ඉලක්ක කර ගත් ජන රැලි මාලාවක් ජනවාරියේ සිට රට පුරා දියත් කෙරේ

රවී සියලු බර කරට ගනී-වජිරගේ සහයත් ලැබෙයි  

රනිල් ප්‍රමුඛ සන්ධානය ගොඩනැගීමේ වගකීම රවී සහ වජිර මත පවරයි

ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු පුළුල් සහ නව දේශපාලන සන්ධානය ගොඩනැගීමේ වගකීම රවී කරුණානායක සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් වෙත පවරා තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා දේශපාලන පක්ෂ, සංවිධාන සහ කණ්ඩායම් ඇතුළු සියලු පාර්ශවයන් එකට ඒකරාශී කිරීමේ වැඩ කටයුතු රවී කරුණානායක සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් මේ වන විටත් ආරම්භ කර තිබේ.  

දැන්වීම

ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ඉලක්ක කර ගනිමින් 2024 ජනවාරි මාසයේ සිට රට පුරා ජන රැලි මාලාවක් සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු යොදා තිබෙන අතර එම ජන රැලි මාලාව කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරේ.

එක්සත් ජාතික පක්ෂයේ උසස් නිලතල කමිටුව ඇතුළු කමිටු සඳහා නියෝජිතයන් පත් කිරීම 2024 ජනවාරි මාසයේදී සිදු කරන බව පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල් ප්‍රමුඛ සන්ධානය ගොඩනැගීමේ වගකීම රවී සහ වජිර මත පවරයි | Lanka Newsweek