අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“රනිල්-නවීන්” විසි වෙයි-ජනප්‍රියම නායකයා සජිත්..!

“රනිල්-නවීන්” විසි වෙයි-ජනප්‍රියම නායකයා සජිත්..!

“රෝ” සමීක්ෂණයෙන් හෙළි වෙලා..! පොහොට්ටුවේ මහින්ද..! “ගෝඨාට-බැසිල්ට”ඇපත් නැහැ..! එක්සත් ජාතික පෙරමුණේ ජනප්‍රියම නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන්…

“රෝ” සමීක්ෂණයෙන් හෙළි වෙලා..!

පොහොට්ටුවේ මහින්ද..!

“ගෝඨාට-බැසිල්ට”ඇපත් නැහැ..!

“රනිල්-නවීන්” විසි වෙයි-ජනප්‍රියම නායකයා සජිත්..!

එක්සත් ජාතික පෙරමුණේ ජනප්‍රියම නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන් නොව, සජිත් ප්‍රේමදාස මහතා බව ඉන්දියාවේ “රෝ”ඔත්තු සේවය ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල සහය ද ඇතිව සිදු කළ විශේෂ සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනප්‍රියම නායකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ද එම සමීක්ෂණ වාර්තා පෙන්වා දී තිබේ.

මීට අමතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්බන්ධයෙන් ද එවැනිම සමීක්ෂණයක් මේ වන විට සිදු වෙමින් පවතින තානාපති අංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

දේශපාලන පක්ෂ මට්ටමෙන් මේ සමීක්ෂණ සිදු කෙරෙන්නේ අදාළ තොරතුරු මගින් 2020 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් යම් තක්ෂේරුවක් සහ ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගැනීමේ අරමුණෙනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“රනිල්-නවීන්” විසි වෙයි-ජනප්‍රියම නායකයා සජිත්..! | Lanka Newsweek