අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් ජනාධිපති වෙලත් සිරිකොතයි-එජාපයයි කොට උඩ

රනිල් ජනාධිපති වෙලත් සිරිකොතයි-එජාපයයි කොට උඩ

රංගේ-අකිල-සාගල-රුවන්-වජිර "Fail" සිරිකොතේ "Intercom" පද්ධතිය පවා බිඳ වැටිලා ලිපිද්‍රවය ඇත්තේම නැහැ පාක්ෂිකයා අනාථයි "සිරිකොත" කාර්ය මණ්ඩලය කලකිරිලා "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය කේන්ද්‍ර කර…

රංගේ-අකිල-සාගල-රුවන්-වජිර "Fail"

සිරිකොතේ "Intercom" පද්ධතිය පවා බිඳ වැටිලා 

ලිපිද්‍රවය ඇත්තේම නැහැ 

පාක්ෂිකයා අනාථයි 

"සිරිකොත" කාර්ය මණ්ඩලය කලකිරිලා   

රනිල් ජනාධිපති වෙලත් සිරිකොතයි-එජාපයයි කොට උඩ

"සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය කේන්ද්‍ර කර ගෙන රට පුරා පිහිටි එම පක්ෂයේ සංවිධාන ජාලයේ දේශපාලන යාන්ත්‍රණය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරමින් පාක්ෂිකයා බල ගන්වා, පක්ෂය නව මුහුණුවරකින් ගොඩනැගීමට එම පක්ෂයේ මහා ලේකම්වරයා ප්‍රධාන නිලධාරී මණ්ඩලය තවමත් අපොහොසත් වී ඇතැයි එම පක්ෂයේ තරුණ තරුණියෝ පිරිසක් "lankanewsweek" සමග පැවසූහ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා ලෙස ක්‍රියා කරද්දීත්, නව මුහුණුවරකින් යුතුව පක්ෂයේ දේශපාලන යාන්ත්‍රණය සවි බල ගන්වා ක්‍රියාත්මක කරමින් පාක්ෂිකයින් එකට ඒකරාශී කර පක්ෂය ජනතාව අතරට ගෙන යාමට එම පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන සහ ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිස අසමත් වීම අතිශය කණගාටුවට කරුණක් බව ද එම තරුණ තරුණියෝ පෙන්වා දුන්හ.

දැන්වීම

මේ වන විට "සිරිකොත" මූලස්ථානයේ ලිපිද්‍රවය හිඟයක් ද පතින අතර එහි දුරකථන පද්ධතියේ "Intercom" පද්ධතිය පවා බිඳ වැටී ඇති පෙන්වා දෙන ඔවුහූ පක්ෂ මූලස්ථානයේ අවම යටිතල පහසුකම්වත් සපුරාලීමට හැකියාවක් නොමැති මෙම නිලධාරී මණ්ඩලය සමස්ත පක්ෂය ගොඩනගා පාක්ෂිකයා සවි බල ගන්වමින් පක්ෂය ජනතාව අතරට ගෙන යන්නේ කෙසේදැයි ද ප්‍රශ්න කර සිටියහ.

එක්සත් ජාතික පක්ෂයට අත් වී ඇති මෙම ශෝචනීය ඉරණම සම්බන්ධයෙන් "සිරිකොත" ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් අතිශය කලකිරීමට පත්ව ඇතැයි ද, උද්ගත වී ඇති මෙම තත්ත්වය තේරුම් ගනිමින් මෙම නිලධාරී මණ්ඩලය වෙනුවට නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් ක්‍රියා නොකළහොත් පක්ෂය වඳ වී යනු ඇතැයි ද ජාතික යොවුන් පෙරමුණ නියෝජනය කරන එම තරුණ තරුණියෝ අනතුරු අඟවා සිටියහ.

රනිල් ජනාධිපති වෙලත් සිරිකොතයි-එජාපයයි කොට උඩ      

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල් ජනාධිපති වෙලත් සිරිකොතයි-එජාපයයි කොට උඩ | Lanka Newsweek