රනිල්-ගෝඨා සම්බන්ධීකරණයට ඉෂිනි සිරිකොත ඇවිත්

ජනපතිගේ දෑත් ශක්තිමත් කළ ඉෂිනිගේ ආගමනයට විරෝධය සාගල-ඉෂිනි යනු දිලිත් ජයවීරගේ ගොට්ටෝය එකම ජාතික ලැයිස්තුවත් ඉදිරියේ දී අහිමි වේවි එජාපයට නම් අනාගතයක් නැහැ රනිල්ගේ කූට වැඩ කරන්නේ ශාන් සහ ශානිකා…
ජනපතිගේ දෑත් ශක්තිමත් කළ ඉෂිනිගේ ආගමනයට විරෝධය
සාගල-ඉෂිනි යනු දිලිත් ජයවීරගේ ගොට්ටෝය
එකම ජාතික ලැයිස්තුවත් ඉදිරියේ දී අහිමි වේවි
එජාපයට නම් අනාගතයක් නැහැ
රනිල්ගේ කූට වැඩ කරන්නේ ශාන් සහ ශානිකා -මහාචාර්ය රජීව්-

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කළ ඔහුගේ වැඩුමහල් සොහොයුරු ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණිය වන ඉෂිනි වික්‍රමසිංහ මේ වන විට "සිරිකොතට" රිංගා තිබේ.
ඉෂිනි වික්‍රමසිංහ මෙසේ "සිරිකොතට" රිංගා තිබෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තවත් අතිශය සමීපතමයෙකු වන සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට පත් වීමෙන් පසුව වන අතර ඇයට "සිරිකොත" මූලස්ථානයේ උඩු මහලේ විශේෂ කාර්යාල කාමරයක් ද ලබා දී ඇත.
දැන්වීම
සාගල රත්නායක සහ ඉෂිනි වික්‍රමසිංහ යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිශය සමීපතමයෙකු වන "දෙරණ" මාධ්‍ය ජලයේ අයිතිකරු දිලිත් ජයවීර මහතාගේ අතිශය සමීපතමයින් වන අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ දිලිත් ජයවීර යන මහත්වරුන් අතර එදා සිටම සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ මොවුන් දෙදෙනාය.
සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස "සිරිකොත" මූලස්ථානයේ දී වැඩ භාර ගත් අවස්ථාවට "TNL" සභාපති සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩුමහල් සොහොයුරු ශාන් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටී අතර මීට කලකට පෙර "Ranil’s Fears of Karu" යන ශීර්ෂය යටතේ "Ceylon Today" පුවත්පතට විශේෂ ලිපියක් සම්පාදනය කරමින් මහාචාර්ය රජීව් විජේසිංහ මහතා හෙළිදරව් කර සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ කූට දේශපාලන ගනුදෙනු සිදු කරන්නේ ඔහුගේ වැඩුමහල් සොහොයුරු ශාන් වික්‍රමසිංහ සහ ඔහුගේ නැගණිය වන ශානිකා වික්‍රමසිංහ
බවය.
ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාගේ බාල සොහොයුරා වන චන්න වික්‍රමසිංහ සහ ශාන් වික්‍රමසිංහගේ දියණිය වන ඉෂිනි වික්‍රමසිංහ ද කාලයක් මුළුල්ලේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ කූට දේශපාලන ගනුදෙනු සහ ක්‍රියාකාරකම් සිදු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි.
ඉෂිනි වික්‍රමසිංහගේ සහ සාගල රත්නායකගේ ආගමනයත් එක්ක "සිරිකොත" මූලස්ථානයට යන්නවත් සිත නොදෙන බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් කියා සිටින්නේ, රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සම්බන්ධීකරණ කටයුතු ඉෂිනි වික්‍රමසිංහ සහ සාගල රත්නායක ඉතා හොඳින් සිදු කරනු ඇති බවය.
එක්සත් ජාතික පක්ෂය සහ නායක රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරන ආකාරය අනුව ඉදිරි මහා මැතිවරණයේ දී එම පක්ෂයට තිබෙන ජාතික ලැයිස්තුවත් අහිමි වනු ඇති අතර එක්සත් ජාතික පක්ෂයට කවදාවත් දේශපාලන අනාගතයක් නම් නොමැති බව ද ඔවුහූ වැඩි දුරටත් පෙන්වා දුන්හ.