අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් ගාවට යනවා කිව්ව රාජිත සජිත් ගාවම නතර වෙයි

රනිල් ගාවට යනවා කිව්ව රාජිත සජිත් ගාවම නතර වෙයි

සජිත් කියන්නේ රණසිංහ ප්‍රේමදාස රට වෙනුවෙන් දැන් දුන් පුද්ගලයෙක් ලු..! සජිත් ප්‍රේමදාස කියන්නේ දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා රට වෙනුවෙන් දන් දුන්න මනුස්සයෙක් යැයි ද එහෙව් නායකයෙකුට "හූ" කියන්න…

සජිත් කියන්නේ රණසිංහ ප්‍රේමදාස රට වෙනුවෙන් දැන් දුන් පුද්ගලයෙක් ලු..! 


සජිත් ප්‍රේමදාස කියන්නේ දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා රට වෙනුවෙන් දන් දුන්න මනුස්සයෙක් යැයි ද එහෙව් නායකයෙකුට "හූ" කියන්න පුළුවන්දැයි ද දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රශ්න කර සිටියි. 

මේ රටේ තැලෙන පෑගෙන දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවරක් කළ රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය කළේ ත්‍රස්තවාදීන් විසින් බවත්, ඔහු කළ වරද මේ රටේ දුගී දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් කැපවීම බවත් රාජිත සේනාරත්න මහතා පැවසීය.

රටේ ජනතාව වෙනුවෙන් පියා දන්දුන් සජිත් ප්‍රේමදාස මහතා අද මේ රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන බවත්, එවන් නායකයෙකුට හූ කියන්නේ කෙසේදැයි තමන්ට හිතා ගන්නටවත් නොහැකි බවත් ඒ මහතා පැවසීය.

දැන්වීම

රෑදවල් ජනතාව වෙනුවෙන් වැඩ කරන සජිත් ප්‍රේමදාස මහතාට හූ කියන්නට අනුබල දෙන පුද්ගලයා රට වෙනුවෙන් සිදු කොට ඇත්තේ කුමක්දැයි ප්‍රශ්න කළ රාජිත සේනාරත්න මහතා, අඩු තරමේ දුප්පත් මනුස්සයෙකුට බත් පැකට් එකක්වත් දෙන්නට ඔවුන් කටයුතු කර නැතැයිද පැවසීය.

ඉතිහාසයේ අන් කවරදාකවත් නැති තරමට රට අභාග්‍ය සම්පන්න ඉරණමකට තල්ලු වී ඇති බව පැවසූ රාජිත සේනාරත්න මහතා ඒ අවාසනාවන්ත ඉරණමෙන් රට ගොඩනඟා ගැනීමේ වගකීම සමගි ජන බලවේගයට පැවරී ඇතැයි ද වැඩි දුරටත් සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල් ගාවට යනවා කිව්ව රාජිත සජිත් ගාවම නතර වෙයි | Lanka Newsweek