අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් කරන්නේ රට වැනසූ හොරුන් ආරක්ෂා කිරීමයි

රනිල් කරන්නේ රට වැනසූ හොරුන් ආරක්ෂා කිරීමයි

"ජන වරමක් නැතිව මට සක්විති රජකමවත් එපා" ප්‍රතිපත්ති පාවා දී රටේ ජනතාව අමතක කර පෞද්ගලික බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපතිකම් සහ අගමැතිකම් ලබා ගැනිමට තමා සුදානම් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…

"ජන වරමක් නැතිව මට සක්විති රජකමවත් එපා" 

ප්‍රතිපත්ති පාවා දී රටේ ජනතාව අමතක කර පෞද්ගලික බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපතිකම් සහ අගමැතිකම් ලබා ගැනිමට තමා සුදානම් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 134ක සීමාසහිත වරමක් ගෙන ජනාධිපති පුටුවට ගිය වත්මන් ජනාධිපතිවරයා ⁣එම හොර කණ්ඩායමේ ආරක්ෂකයා වී මේ වන විට පාසකු ප්‍රහාරයේ සත්‍ය පවා සගවමින් සිටින බවට චෝදනා කර සිටින සජිත් ප්‍රේමදාස මහතා රටේ විපක්ෂ නායකවරයාට පවා කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ලබා ගත නොහැකි ලෙස සගවා ඇති බව ද කියා සිටියේය.

මෙසේ ඇත්ත සැඟවීම නිසා ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා සක්විති රජකම ලබා දෙන බව පැවසුවත් ජන වරමකින් තොරව ජනාධිපතිකම හෝ අගමැතිකම හෝ මැති ඇමතිකම් හෝ රාජ්‍ය බලය හෝ ලබා ගැනිමට තමා සූදානම් නැති බව ද අවධාරණය කර සිටියි.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සදහම් යාත්‍රා වැඩසටහනේ 1500 වැනි වැඩසටහන කෑගල්ල ගලිගමුව වට්ටාරම රජමහා විහාරයේ දී පැවැති අවස්ථාවේ දීය.

රට විනාශ කළ පුද්ගලයන් සමග "Deal" දැම්මා නම් මේ වන විට තමා රටේ ජනාධිපති යැයි ද, රට වැනසූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග තමාට කිසිදු හොර ගිවිසුමක් නොමැති බව ද, තමා "Deal" දමන්නේ දේශපාලන පක්ෂ සමග නොව ලක්ෂ 220ක ජනතාව සමග පමණක් යැයි ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේය. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල් කරන්නේ රට වැනසූ හොරුන් ආරක්ෂා කිරීමයි | Lanka Newsweek