රනිල් එළවන්න මෛත්රී ගෙනා කුරුඳු පොලු මාට්ටු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති මානෙල්) මහනුවර සිට කොළඹ දක්වා පැමිණෙමින් සිටින එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පෙළ පාලියට ගෙන ආ බව කියන කුරුඳු පොලු තොගයක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ කුරුඳු පොලු තොගය පොලීසිය මගින්…
(නිලන්ති මානෙල්)
මහනුවර සිට කොළඹ දක්වා පැමිණෙමින් සිටින එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පෙළ පාලියට ගෙන ආ බව කියන කුරුඳු පොලු තොගයක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ කුරුඳු පොලු තොගය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්රී ගුණරත්න මහතාට අයත් බව කියන අති සුඛෝපභෝගී ජීප් රථයක තිබියදීය.
මේ කුරුඳු පොලු තොගය සමග අදාළ වාහනය ද පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව මහනුවර අප වාර්තා කරුවෝ පවසති.
“රට වැනසූ අගමැති ගෙදර යනු” යන තේමාව යටතේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහනුවර ගැටඹේ ක්රීඩාංගනය අසලින් අද (31) මේ පා ගමන සටන්කාමී ලෙස ආරම්භ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
