අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් එජාපය වැනසූ හැටි දීප්ති කියයි

රනිල් එජාපය වැනසූ හැටි දීප්ති කියයි

"බුද්ධිමතුන් එලෙව්වා-අකිලලා ළඟට ගත්තා" "එහෙම කළේ බුද්ධිමතුන් අභියෝගයක් වූ නිසයි" රනිල් යටතේ මන්ත්‍රීවරුන් 88ක් එජාපය හැර ගිහින්..! ▶ වීඩියෝව නරඹන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එදා සිට මේ…

"බුද්ධිමතුන් එලෙව්වා-අකිලලා ළඟට ගත්තා"

"එහෙම කළේ බුද්ධිමතුන් අභියෝගයක් වූ නිසයි"

රනිල් යටතේ මන්ත්‍රීවරුන් 88ක් එජාපය හැර ගිහින්..!

▶ වීඩියෝව නරඹන්න

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී එක්සත් ජාතික පක්ෂයේ උගත්, බුද්ධිමත්, දක්ෂ සහ ක්‍රියාශීලී මන්ත්‍රීවරුන් 88ක් එම පක්ෂය හැර ගොස් සිටිති.

එම මන්ත්‍රීවරුන් මෙසේ එක්සත් ජාතික පක්ෂය හැර ගොස් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ඔහුගේ කණ්ඩායමේ ක්‍රියාකලාපයට එරෙහිව වන අතර එදා සිට මේ දක්වා වූ කාලය ඇතුළතදී පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සේම පාක්ෂිකයින් අති විශාල පිරිසක් ද එම පක්ෂය හැර ගොස් තිබෙන බව කවුරුත් දනිති.

දැන්වීම

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වූ දවසේ සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී ඔහු කළේ, එම පක්ෂයේ සිටී උගතුන් සහ බුද්ධිමතුන් සියලු දෙනා එළවා දැමීම යැයි ද, ඔහු එසේ කළේ එම බුද්ධිමය ස්ථරය ඔහුට අභියෝගයක් වන නිසා යැයි ද ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ මහා ලේකම්  සහ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක දීප්ති කුමාර ගුණරත්න මහතා පෙන්වා දෙයි.

ඔහු ඒ බව කියා සිටින්නේ "රාම රාජ්‍යයේ අවසානය" යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ "YouTube" නාලිකාව වෙත දේශපාලන සාකච්ඡාවක් ලබා දෙමින් වන අතර, "lankanewsweek" ඉහත උපුටා දක්වා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට කළ විනාශය සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී දීප්ති කුමාර ගුණරත්න මහතා දැක්වූ අදහස් ය.

බුද්ධිමතුන් සහ උගතුන් එක්සත් ජාතික පක්ෂයෙන් එළවා දැමූ රනිල් වික්‍රමසිංහ මහතා, ඒ වෙනුවට තමා සමීපයට ගත්තේ අකිල විරාජ් කාරියවසම් වැනි පුද්ගලයින් යැයි ද, රනිල් වික්‍රමසිංහ මහතා සිය නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නිර්මාණය කර තිබෙන්නේ එවැනි නායකයින් පිරිසක් යැයි ද දීප්ති කුමාර ගුණරත්න මහතා වැඩි දුරටත් කියා සිටියි.   

  රනිල් එජාපය වැනසූ හැටි දීප්ති කියයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල් එජාපය වැනසූ හැටි දීප්ති කියයි | Lanka Newsweek