අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් අනුර රටට හෙළි කළ යුතුයි

රනිල් ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් අනුර රටට හෙළි කළ යුතුයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම්වල තිබෙන කරුණු වහාම රටට හෙලිදරව් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන අලුත් ආණ්ඩුව ක්‍රියා කළ යුතු යැයි ජන…

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම්වල තිබෙන කරුණු වහාම රටට හෙලිදරව් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන අලුත් ආණ්ඩුව ක්‍රියා කළ යුතු යැයි ජන අරගල සන්ධානයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා අවධාරණය කර සිටියි.

ජන අරගල සන්ධානයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මේ බව කියා සිටියේ, "විපක්ෂය වෙනස් කරමු" යන තේමාව යටතේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් මතුගම නගරයේ දී සංවිධානයක කර තිබු ජනහමුවක් අමතමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

"මේ මහමැතිවරණය පැවත්වෙන්නේ රට විශාල දේශපාලන පරිවර්තනයකට මුහුණ දුන්න මොහොතක. කාලයක් රටේ දේශපාලන බලය හොබවපු දේශපාලන පවුල් ගණනාවකට බලය අහිමි වෙලා. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා. ඒ වෙනස ඇතිවෙන්න මූලිකම හේතුව තමයි පහුගිය කාලේ රටේ ඇති වුන ජන අරගලය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි ඒ ජන අරගලය ඇතුලේ විශාල කාර්‍ය කොටසක් කලා. ඒ නිසා තමයි අපි හිතන්නේ ඒ අරගලයේ ජයග්‍රහණය අඛණ්ඩව ඉදිරියට යන්න ඕන කියලා.

දැන්වීම

පසුගිය ආණ්ඩු විසින් නිර්මාණය කරල ගිය අනතුරු ගණනාවක් දැන් මේ අලුත් ආණ්ඩුව ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඉන්දියාව එක්ක ගිවිසුම් 9ක් අත්සන් කලා. අදටත් මේ ගිවිසුම්වල තියෙන්නෙ මොනවද කියලා රටට හෙලිදරව් කරලා නෑ. මේ ගිවිසුම් අත්සන් කලේ 2023 ජුනි 22. රටේ ජනතාව බරපතළ පාවාදීමකට ලක්කරන කොන්දේසි තමයි මේ ගිවිසුම් ඇතුලේ තියෙන්නෙ. ඒක තමයි ඒ ගිවිසුම්ව්ල තියෙන්නෙ. ඒ ගිවිසුම්වල තියෙන්නෙ මොනවද කියලා රටට හෙලිකරන එක අලුත් ආණ්ඩුවේ වගකීමක්.  

ඒ වගේම තමයි මේ විනාශකාරී ගිවිසුම් වලින් රටත් ජනතාවත් මුදාගැනීමේ අභියෝගය ඔවුන්ට තියනවා. ඒ මැදිහත්වීමේ මූලික පියවර වශයෙන් මේ මැතිවරණ කාලය තුළම ඒ ගිවිසුම් රටට හෙලිදරව් කරන්න කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. අපි දන්නවා ජනාධිපතිවරණය තුළ ආණ්ඩුව මේ මේ ප්‍රශ්නය එතරම් අවධාරණය කලේ නෑ. නමුත් දැන් ඔවුන් තමයි රටේ ආණ්ඩු බලය හොබවන්නේ. ඒ නිසා ජනතාවට වගකියන්න ඕන.

අපි දන්නවා සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් අවසන් වෙලා මහමැතිවරණයක් පවත්වද්දි ජනාධිපතිවරණ ප්‍රතිඵලයට සාපේක්ෂව තමයි මහමැතිවරණයේ ප්‍රතිඵල ක්‍රියාත්මක වෙන්නෙත්. ඒක නිසා ගොඩක් මාලිමාව ඉදිරි මහමැතිවරණයත් ජය ගන්න බොහෝ දුරට ඉඩ තියනවා. හැබැයි ඔවුන් දැන්වත් තමන්ගේ ප්‍රතිපත්ති ගැන රටට පැහැදිලිව කියන්න ඕන. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ඔවුන් කිව්වෙ විකල්ප ණය තිරසර කරනවා කියලා. ඒ සැලසුම දැන් රටට කියන්න ඕන. නැත්තං අර රනිල් වික්‍රමසිංහගේ පාවාදීමේ ප්‍රතිපත්තියම තමයි ඉස්සරහට යන්නේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා රනිල් වික්‍රමසිංහ 2028 අවුරුද්දේ පුපුරන්න නියමිත කාල බෝම්බයක් අටවල ගිහිල්ලා තියෙන්නෙ. 2043 වෙනකල් රටේ සියලු දරුවන්ට පවා ණය ගෙවන්න වෙන ණය උගුලක් තමයි ඔව් අටවල ගියේ. ණය කප්පාදුවක් කලා කියලා පහුගිය කාලේ පම්පෝරි ගැහුවට 9.5% පමණ පොලියක් ගෙවන්න තමයි එකඟ වෙලා තියෙන්නේ. ඒක නිසා පැහැදිලිව පේනවා මේ රට දැවැන්ත උගුලක තමයි මේ හිරකරල ගිහිල්ලා තියෙන්නෙ.

දැන් රටේ ජනතාව අනුර දිසානායක ප්‍රමුඛ මාළිමාවට බලය දීලා තියෙන්නෙ මේ උගුලෙන් රට මුදාගනීවි කියන විස්වාසයෙන්. හැබැයි මේ දේශපාලන අර්බුදය ඇතුලේ ජාතික ජන බලවේග ආණ්ඩුවට සාපේක්ෂව ශක්තිමත් විපක්ෂයක් රටට අවශ්‍යයි. මේ දේශපාලන ප්‍රශ්නය හරියට ජනතාවට සන්නිවේදනය කරන්න පුලුවන් විපක්ෂයක් තමයි රටට අවශ්‍ය. පාර්ලිමේන්තුව ඇතුලේ ඩෙඟා නටන විහිළු සපයන විපක්ෂයක් වෙනුවට ප්‍රතිපත්ති ගරුක විපක්ෂයක් අවශ්‍යයි. සදාචාරාත්මක බලයක් සහිත සටන්කාමී විපක්ෂයක් අවශ්‍යයි. මොකාද අපි දන්නවා දැන් ඉන්න විපක්ෂය ආණ්ඩුවට ඇඟිල්ලක් දික්කරන්න ගියොත් ඔවුන්ට ඇඟිලි දහයක් දික් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ දේශපාලන විපක්ෂය පුස් වෙඩි වගේ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා විපක්ෂයත් වෙනස් කරමු. ජන අරගල සන්ධානය එක්ක ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කරන්න එකතුවෙන්න කියන ආරාධනය අපි ජනතාවට කරනවා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
රනිල් ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් අනුර රටට හෙළි කළ යුතුයි | Lanka Newsweek