රනිල් අගමැති නොකරන බවට මෛත්‍රී කරන ප්‍රකාශයම ව්‍යවස්ථා විරෝධියි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අගමැති පත් වන්නේ ජන වරමකින්..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුවේ 113ක බහුතරය තමා කියන ආකාරයට ඔප්පු කළත් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍ය ධූරයට පත් නොකරන බවට…
අගමැති පත් වන්නේ ජන වරමකින්..!
(සුජිත් මංගල ද සිල්වා)
පාර්ලිමේන්තුවේ 113ක බහුතරය තමා කියන ආකාරයට ඔප්පු කළත් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍ය ධූරයට පත් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ප්‍රකාශයම පවා ව්‍යවස්ථා විරෝධී යැයි ප්‍රවීණ මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක වික්ටර් අයිවන් මහතා අවධාරණය කර සිටියි.
ඔහු මේ බව කියා සිටියේ තමා කියන ආකාරයට පාර්ලිමේන්තුවේ 113ක බහුතරය ඔප්පු කර පෙන් වුවත් තමා ජීවත්ව සිටින තුරු රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට යළි පත් කිරීමට තමා සුදානම් නොමැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙශ් ජන මාධ්‍ය හමුවේ ඉරිදා (25) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් “lankanewsweek” කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
අගමැතිවරයකු තේරී පත් වන්නේ ඒ ඒ දේශපාලන පක්ෂ සිය අග්‍රාමාත්‍ය අපේක්ෂකයා නම් කරමින් මහා මැතිවරණයකට ගොස් ලබා ගන්නා බහුතර ජන මතයකින් බව පෙන්වා දුන් වික්ටර් අයිවන් මහතා ඒ අනුව එවැනි මහා මැතිවරණයකදී බහුතරය දිනා ගන්නා දේශපාලන පක්ෂයේ අගමැති අපේක්ෂකයා එම ධූරයට පත් වන්නේ යැයි ද, ඔහු එසේ අගමැති ධූරයට පත් වන්නේ ජන වරමකින් යැයි ද අවධාරණය කළේය.
ඒ අනුව බහුතරයේ ජන වරම ද,පර්ලිම්නේතුවේ බහුතරය සහ විශ්වාසය ද හිමි පුද්ගලයා රටේ අගමැතිවරයා ලෙස පත් කිරීමට නොහැකියැයි කියා සිටීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වන අතර ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වන බව ද වික්ටර් අයිවන් මහතා සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
