රනිල්ට හදිසියේම තිස්ස මතක් වෙලා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයට යළි එක් වෙන්න යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමතිවරුන් ඇතුළු සිය සමීපතමයින් ගණනාවක් මාර්ගයෙන් එම පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක…
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයට යළි එක් වෙන්න යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමතිවරුන් ඇතුළු සිය සමීපතමයින් ගණනාවක් මාර්ගයෙන් එම පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතාට ආරාධනා කර තිබේ.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තිස්ස අත්තනායක මහතා වෙත මේ ආරාධනය කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ සහ ජාතික දේශපාලන ක්ෂේත්‍රයේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේය.
එක්සත් ජාතික පක්ෂයට යළි එක්වී උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ පක්ෂයට සහය පළ කරමින් ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් කරන්න යැයි එම ආරාධනය මගින් ඉල්ලා තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ආරාධනය සහිත පණිවිඩය රැගෙන ආ මැති ඇමතිවරුන්ට තිස්ස අතත්තනයක මහතා කියා තිබෙන්නේ තමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ද එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ධූරයට ද යළි පත් කර ඊට අදාළ පිටපත් තමා වෙත මුලින් ලැබීමට සැලැස්සුවොත් තමා පක්ෂයට යළි එක්වීමට සුදානම් අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ පොරොන්දු මත තමාට එවැනි තීරණයක් ගැනීමට නොහැකි බවය.
2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයකු නොවන පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළොත් පක්ෂයට සහ පාක්ෂිකයාට මේ ඉරණමත්,විනාශයත්,අසාධාරණයත් සිදු වන බව තමා මුල සිටම කියා සිටි බව ද තිස්ස අත්තනායක මහතා මේ ආරාධනය ගෙන ආ පිරිසට සිහිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් “lankanewsweek”තිස්ස අත්තනායක මහතාගෙන් කළ විමසීමේදී ඔහු මේ බව තහවුරු කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1